Monday, January 30, 2012

දිවයින පුරා රජයේ රෝහල්වල වැඩ වර්ජනයක්

2012-01-30
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් හා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු යොදා තිබේ.

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද මේ දක්වා ඊට විසඳුම් ‍ලැබී නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේත් මහාභාණ්ඩාගාරයේ ලේකම් පී.බී ජයසුන්දර මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එයින් ද නිසි විසඳුම් නොලැබුණහොත් ලබන 10 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව උන්වහන්සේ අවධාරණය කර සිටියේය.

මේ අතර වැටුප් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

වැටුප් කොමිසමේ නිලධාරීන් සමඟ ලබන 1 වනදා සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඉන් විසඳුමක් නොලැබුණහොත් ලබන 9 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව එහි ප්‍රධාන ලේකම් ‍සමන් ජයසේකර මහතා සඳහන් කළේය.
elakolla.com

No comments:

Post a Comment