Wednesday, January 25, 2012

උතුරට නොගොස් වසර පහක් සේවය කළ හෙදියන්ට උතුර අනිවාර්ය කෙරේ

Lakbima 2012 ජනවාරි 26 වෙනි බ්රහස්පතින්දා, 01:34
ශ්රියානි විජේසිංහ
උතුරු පළාතෙන් බැහැරව හෙද සේවාවේ වසර 5 සේවා කාලයක් සම්පූර්ණ කර සිටින සියලුම හෙද හෙදියන් උතුරු පළාතේ සේවය කිරීම අනිවාර්ය කිරීමට සෞඛ් අමාත්යංශය තීරණය කර ඇත. උතුරු පළාතේ තිබෙන හෙද හිඟය සැලකිල්ලට ගනිමින් හෙද පුහුණුව සඳහා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා පමණක් විද්යා විෂය ධාරාවෙන් පමණක් නොව කලා හා වාණිජ විෂය ධාරාවලින් උසස් පෙළ සමත් වූවන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට අමාත්යංශය පියවර ගෙන තිබේ. පසුගිය කාලයේ උතුරු නැගෙනහිර ප්රදේශවල පැවැති යුද ගැටුම් හේතුවෙන් එහි දරුවන්ට නිසි අධ්යාපනය ලබා ගැනීමට නොහැකි වීමෙන් මෙම පියවර ගැනීමට අමාත්යංශය කටයුතු කර ඇත. එහෙත් මින් ඉදිරියට හෙද සේවයට බඳවා ගැනීමේදී විද්යා විෂය ධාරාව හැර වෙනත් විෂය ධාරාවන්ගෙන් හෙද පුහුණුව සඳහා බඳවා නොගැනීමටද සෞඛ් අමාත්යංශය තීරණය කර තිබේ.

No comments:

Post a Comment