Monday, January 30, 2012

රට පුරා රෝහල් වැඩ වර්ජනයක්

January 30, 2012 at 10:15 am | Lanka C News.


දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් හා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේ මහාභාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් මීට පෙර ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද මේ දක්වා ඊට විසඳුම් ‍ලැබී නොමැති බව උන් වහන්සේ පෙන්වා දෙති.
අද දිනයේද නිසි විසඳුම් නොලැබුණහොත් ලබන 10 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව උන්වහන්සේ අවධාරණය කරති.
Lankacnews

No comments:

Post a Comment