Monday, January 9, 2012

පෞද්ගලික විශ්ව විද්‍යාල 29ක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා - උසස් අධ්‍යාපන ඇමැති එස්.බි. දිසානායක

ලක්බිම 2012 ජනවාරි 08 වෙනි ඉරිදා, 15:03
සරත් වීරවංශ - බලංගොඩ




මේ පෞද්ගලික විශ්ව විද්යාල පනත අද ඊයේ ගෙනාපු එකක් නොවෙයි. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලේ ගෙනාපු එකක් දැනටත් පුද්ගලික විශ්ව විද්යාල විසිනවයක් මේ රටේ ක්රියාත්මක වෙනවා යැයි උසස් අධ්යාපන අමාත් එස්.බි. දිසානායක මහතා පසුගියදා සබරගමුව විශ්ව විද්යාලයේදී පැවැසීය.
මහතා මෙම අදහස් ප්රකාශ කළේ සබරගමුව විශ්ව විද්යාලයේ ක්රීඩා වර්ණ ප්රදානෝත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. අමාත් එස්.බි. දිසානායක මහතා මෙසේද කීහ,විශ්ව විද්යාලය තුළ විනයක් තිබිය යුතුයි. එදා සිසුන් තමයි විශ්ව විද්යාල පාලනය කළේ සිසුවකුට නිදහසේ පාඩම් කරන්න දුන්නේ නැහැ. පුස්තකාලෙට යන්න දුන්නේ නැහැ. අද එහෙම නැහැ. දරුවන්ට නිදහසේ පාඩම් කරන්න පුස්තකාලයට යන්න පුළුවන්. පසුගිය වසර පහළොව තුළ විශ්ව විද්යාලවලට මොකද වුණේ. නිදහසේ සිතන වාද කරන දරුවන් විශ්ව විද්යාලවලින් බිහිවිය යුතුයි.
විශ්ව විද්යාලවල ගංජා බොනවා නම්, දරුවන්ට වද දෙනවා නම්, පොතක් පතක් පාඩම් කරන්න දෙන්නේ නැතිනම් අපි තදින් ඉන්නවා.
මේ පුද්ගලික විශ්ව විද්යාල පනත ක්රියාත්මක කිරීම තුළින් සියයට විස්සක් අපේ ළමයි නොමිලේ ඇතුළත් කරගන්න පුළුවනි. ඊට අමතරව දැනට ක්රියාත්මක පුද්ගලික විශ්ව විද්යාලවල කෙරෙන කාර්යයන් පිළිබඳව සොයා බලන්න පුළුවනි.
අනතුරුව අදහස් දැක්වූ සබරගමුව විශ්ව විද්යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද එස්. රූපසිංහ මහතා.
ලංකාවේ ක්රීඩා උපාධියක් ලබාදෙන එකම විශ්ව විද්යාලය සබරගමුවයි. අද අනූහතර දෙනකු වර්ණ ප්රදාන ලබන අතර දාහත් දෙනෙකු විශේෂ වර්ණ ලබනවා.
ඉදිරියේදී සෑම වසරකම මෙම වර්ණ රාත්රිය පවත්වාගෙන යෑමට කටයුතු කරනවා. දැනටමත් එස්.බි. ඇමැතිතුමාගේ උපකාර ඇතිව විශ්ව විද්යාල ක්රීඩා පිටිය සකස් කරමින් යනවා. ඉදිරියේදී එය විවෘත කරන්න හැකිවේවි.
එංගලන්තයේ ධරම් විශ්ව විද්යාලය සමග අත්වැල් බැඳගෙන අපේ විශ්ව විද්යාලයේ ක්රීඩා කටයුතු දියුණු කරනවා. අපට දක්ෂ දරුවන් බිහි කරන්න පුළුවනි.
මෙම උත්සව අවස්ථාවට ක්රීඩා හා නිපුණතා අමාත්යංශයේලේකම් සුනිල් ගුණවර්ධන ප්රවීණ මලල ක්රීඩිකා දමයන්ති දර්ශා යන මහත්ම මහත්මීන්ද විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය.

No comments:

Post a Comment