Tuesday, January 10, 2012

රජයේ රෝහල් පෞද්ගලීකරණය කිරීමේ අවදානමක් - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

ලක්බිම  2012 ජනවාරි 10 වෙනි අඟහරුවාදා, 18:22  ශ්රියානි විජේසිංහ  වැදුම්: 88

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ආරම්භ කිරීමේ යටි අරමුණ රෝහල් පෞද්ගලීකරණය කිරීම බව වෛද් පීඨ ශිෂ් ක්රියාකාරී කමිටුව සඳහන් කර සිටී.
රජයේ සේවකයන්ගේ රක්ෂණ ගාස්තු හරහා පෞද්ගලික අංශයට ඇදී යන මුදල නැවත රජයට ලබාගැනීමට සැලසුම් සකස් කර ඇතැයි කමිටුවේ කැඳවුම්කරු නිලාන් ප්රනාන්දු මහතා සඳහන් කළේය.

ආරම්භයේදී ගෙවන වාට්ටු කිහිපයක් ලෙස ආරම්භ කළද ඉදිරියේදී රජයේ රෝහල් සියල්ල පෞද්ගලීකරණය කිරීම මෙහි අරමුණ වී ඇත. මෙය සුරක්ෂිත සෞඛ් සේවාවක් ලබා ගැනීමේ අයිතිය බරපතළ ලෙස අනතුරේ හෙළීමක් බව හෙතෙම පෙන්වා දෙයි.
ගෙවන වාට්ටුවලට ගුණාත්මක සෞඛ් පහසුකම් ලබාදෙන අතර අය නොකරන වාට්ටුවලට මානව හා භෞතික සම්පත් අඩුවෙන් යෙදවීම යටි අරමුණ වී තිබෙන බව ශිෂ් ක්රියාකාරී කමිටුව පවසා සිටී. මෙය විශාල වශයෙන් සෞඛ් පිරිහුණු ජනතාවක් බිහිවීම හරහා රටේ සංවර්ධනය අඩාල වීමේ අවදානමක් ඇත. පෞද්ගලික වෛද් විද්යාල සමාජය තුළ සාධාරණීකරණය කිරීමේ උත්සාහය පළමු පියවර මෙය බවද කමිටුව පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment