හොරණ - විධුර විජයනාථ
මනුවේ පාඨාංක විටින් විට ආපස්‌සට කරකවා පරිභෝජනයට ගන්නා විදුලිය යථා පරිදි සටහන් වීම වළක්‌වමින් වංචනික ලෙස විදුලිය පරිභෝජනයට ගත් හොරණ නගරයේ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුගේ නිවසක් වැටලූ කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් එහිදී අත්අඩංගුවට ගත් දැනට හෙදියක් ලෙස සේවයේ නියුතු එම වෛද්‍යවරයාගේ බිරිය අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු හොරණ මහෙස්‌ත්‍රාත් මහින්ද රණසිංහ මහතා එම තැනැත්තියට රුපියල් 10,000 ක දඩයක් නියම කළේය.
එසේම රුපියල් 1,53,767.50 ක මුදලක් ලංකා විදුලි බල මණ්‌ඩලයට ගෙවන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියම කරන ලදි. විත්තිකාරිය කුළුපන, පොකුණුවිට පදිංචිකාරියකි.
විමර්ශන නිලධාරී පී. ඩී. අජිත් ඇතුළු කණ්‌ඩායමක් විසින් හොරණ පොලිසියේද සහායෙන් මෙම වැටලීම සිදු කර ඇත.
Divaina 2012.03.03
No comments:
Post a Comment