Saturday, March 3, 2012

රෝහල් රැසක අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය 14 ක්‌ හිඟයි

ඒමන්ති මාරඹේ

කරාපිටිය ශික්‍ෂණ ඇතුළු ප්‍රාදේශීය රෝහල් ගණනාවක මෙම දිනවල දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග ඇතුළු රෝගාබාධවලට ලබාදෙන අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 14 ක්‌ හිඟව පවතින බව එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙට්‌ෆොaමින්, එනලප්‍රිල්, වෙරපමිල්, ඇටෝවැස්‌ටමින්, අයි. එස්‌. එම්. එන්, ක්‌ලෝපිඩොග්‍රල්, ඩයික්‌සෝඩියම්, ඉයුප්‍රොෙµaන්, ක්‌ලැරත්‍රොමයිසින්, ශල්‍ය අත්වැසුම් ඇතුළු බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මෙසේ හිඟව පවතින බව එම ආරංචි මාර්ග කීවේය.

මෙසේ හිඟව පවතින ඇතැම් බෙහෙත් වර්ග එම ප්‍රදේශවල ඔසු සල්වල පවා මිලදී ගැනීමට නොමැති බව අනාවරණය වී ඇති අතර සෙසු බෙහෙත් වර්ග පෞද්ගලික ඔසු සල් හරහා මිලදී ගැනීමට රෝගීන්ට සිදුව තිබේ.

Divaina 2012.03.03

No comments:

Post a Comment