Saturday, March 3, 2012

ගබ්සා නීතිය සංශෝධනය වේ

තුෂාරී කළුබෝවිල

ගබ්සා නීතිය සංශෝධනය කිරීමට ළමා හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ස්‌ත්‍රී දූෂණය නිසා ගැබ් ගන්නා වයස 18 ට අඩු දැරියන් ජාන විකෘතීන් හේතුකොට ගෙන විකෘති කළල කුස දරා සිටින කාන්තාවන් ඒ බරින් මුදවා ගැනීම, පියා හෝ ළඟම ලේ ඥතීන්ගෙන් (ව්‍යාභිචාරය) හටගත් කළල ඉවත් කිරීම යන මූලික කරුණු තුන පදනම් කරගෙන අධිකරණ නියෝග මත ගබ්සාව නීතිගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා zzදිවයිනZZ ට පැවසීය.

මේ සම්බන්ධයෙන් zzදිවයිනZZ පුරා විවිධ පාර්ශ්වයන්ගෙන් හා පොදු ජනතාවගෙන් අදහස්‌ ලබා ගැනීමේ වැඩපිළිවෙළක්‌ ජාත්‍යන්තර කාන්තා දිනයේදී ආරම්භ කරන බවද ඇමැතිවරයා කීවේය.

Divaina 2012.03.03

No comments:

Post a Comment