Sunday, March 18, 2012

පිනාචාර්ය කඩයක් මහනුවර -මහාචාර්ය පදවියක් ලක්ෂ දෙකයි

2012 මාර්තු මස 18 14:40:14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතිව සරසවි නිබන්ධන යනු මොනවාදැයි නොදන්නා ඕනෑම කෙනකුට රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය, පට්ටම්ද නම්බුනාමද දෙන තැනකට එසැණ වාර්තාකරු කාංචන කුමාර ආරියදාස ගියේය. රුපියල් සියයකට හා ලියුම් කවරවල දැමූ කොස්කොල කිහිපයකට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවිය.

මේ උපාධිය පිරිනැමුයේ සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනයයි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දෙන මේ ආයතනය මහනුවර මහයියාවේ කන්දක් උඩ පන්සලක පිහිටියේය. ගාල්ලේ එස්. ඒ. කාරියවසම් එහි ප‍්‍රධානියාය. මල්දෙණියේ වජිරඥාන හිමි අතින් කාංචන ”පිනා මහාචාර්ය” පදවියේ සන්නස ලැබීය. ඔහුට වියදම් වූයේ රුපියල් සියයකි. ඔහු සමග ආ තවත් මාධ්‍යවේදියෙක්ද තවත් පිනා මහැදුරු පදවියකින් පිදුම් ලැබුවේය.



මල්දෙණියේ වජිරඥාන හිමියෝ කාංචනට මහාචාර්ය සන්නස ප‍්‍රදානය කරති.


රුපියල් සීය සාක්කුවේ දා ගනී

පිනා මහාචාර්ය පදවියේ ලෝගුව ඇද සිටිනුයේ කාංචනයි.

පිනාචාර්ය නිර්මාතෘ කාරියවසම් කාංචන

lankadeepa.lk

No comments:

Post a Comment