March 13, 2012 01:41 pm
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මේ වන විට කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වී සිටියි.
සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් කළ ඉල්ලීම් වෙත සාධාරණ විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර නොතිබීම මෙම උද්ඝෝෂණයට හේතුව බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
එමෙන්ම හෙද උපාධිධාරීන් හෙද සේවාවට බඳවාගැනීම, අතිකාල දීමනා ඇතුළු මූලික කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු පෙන්වාදුන්නේය.
මේ සඳහා පැහැදිලි විසඳුමක් අවශ්‍ය බවත් එසේ නොවුණහොත් බරපතල ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බවත් සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කර සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
adaderana.lk
No comments:
Post a Comment