13 මාර්තු 2012
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (13) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් කළ ඉල්ලීම් වෙත සාධාරණ විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර නොතිබීම මෙම උද්ඝෝෂණයට හේතුව බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය එහිදී කියා සිටියේය. හෙද උපාධිධාරීන් හෙට සේවාවට බඳවාගැනීම, අතිකාල දීමනා ඇතුළු මූලික ඉල්ලීම් ද උද්ඝෝෂණයට හේතු වී ඇත. තම ගැටළු වලට වහාම විසදුම් ලබා දීමට කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදු වන බවද සමන් රත්නප්‍රිය එම උද්ඝෝෂණයේදී පවසා සිටින ලදී.
ඡායාරූප – රතඹලගේ නීලකුමාර
xpresspuwath.com
No comments:
Post a Comment