Tuesday, March 20, 2012

සෞඛ්‍ය සේවකයන් 5000ක් ස්ථිර සේවයට

සිතාරා සේනානි

රෝහල් ආදේශක සෞඛ්‍ය සහායකයන් ලෙස කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් පන්දහසක් ස්ථිර සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.

ආදේශක සෞඛ්‍ය සහායකයන් වශයෙන් දින 180ක සේවා කාලයක් සපුරා ඇති සියලුදෙනා මේ අනුව සෞඛ්‍ය සහායකවරුන් ලෙස ස්ථිර කෙරේ. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කැර ඇත.

Dinamina 2012.03.20

No comments:

Post a Comment