Monday, March 19, 2012

ආබාධිතයන්ට ප්‍රවේශ විය නොහැකි පොදු ගොඩනැගිලිවලට නීති පියවර - සමාජ සේවා ඇමැති ෆිලික්‌ස්‌ පෙරේරා

තුෂාරි කළුබෝවිල

ආබාධිත, වයෝවෘද්ධ සහ ගර්භණී තත්ත්වයේ පසුවන ඕනෑම අයකුට පොදු ගොඩනැඟිලිවලට ප්‍රවේශ වීමට සහ ඒවා ඇතුළට තනිවම ගොස්‌ තම කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ පහසුකම් සැලසෙන පරිදි ශ්‍රී ලංකාවේ සියලු පොදු ගොඩනැඟිලි ඉදිකිරීම් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවත් සමාජ සේවා ඇමැති ෆිලික්‌ස්‌ පෙරේරා මහතා "දිවයින" ට පැවසීය.

ශ්‍රී ලංකාවේ සමස්‌ත ජනගහනයෙන් 7% කට වැඩි පිරිසක්‌ ආබාධිත තත්ත්වයේ පසුවන බවත්, වැඩිහිටි ජනගහනය 11% ක්‌ පමණ වන බවත් පැවසූ ඇමැතිවරයා තව කෙනකුගේ ආධාරයක්‌ නොමැතිව එම පිරිසට බැංකු, රෝහල්, අමාත්‍යාංශ ඇතුළු පොදු ගොඩනැඟිලිවලට ගොස්‌ තම වැඩකටයුතු කර ගැනීමේ නෛතික අයිතියක්‌ ඇති බවද පැවසුවේය. අලුතෙන් ඉදිකරන සෑම පොදු ගොඩනැඟිල්ලකම එම පහසුකම් ඇතිව ඉදිකිරීම් කළ යුතු අතර පැරැණි ගොඩනැඟිලිවලද එම පහසුකම් කඩිනමින් ඇති කළ යුතු බව ඇමැතිවරයා කීවේය.

Divaina 2012.03.19

No comments:

Post a Comment