2012 මාර්තු 07 වෙනි බදාදා, 02:00
ශ්‍රියානි විජේසිංහ, කමල් විජේහේවා
වැඩබලන අධ්යක්ෂ වහාම ඉවතට
මහමෝදර මහ රෝහලේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ උපදෙස් පරිදි පස් දෙනකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් ඊයේ (06) පිටත්කර හැරි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය.
එම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට දිලීර, වෛරස්, ක්ෂුද්රජීවී විශේෂඥයන් සහ ඖෂධවේදීන් සමග වෛද්‍යවරයෙක්ද ඇතුළත් වෙයි.එම විශේෂඥ කණ්ඩායම රෝහලේ ශල්‍යාගාරයේ හා විශේෂ ළදරු ඒකකයේ ශල්‍යාගාර උපකරණවල විවිධ කොටස්වලින් ලබාගන්නා නියැදි වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ දැඩි පරීක්ෂාවට ලක් කර අදාළ විෂබිජ වර්ගය සොයාගැනීමට නියමිත බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ අනිල් සමරනායක මහතා සඳහන් කළේය.
වහාම ක්‍රියාත්මක වන පරිදි මහමෝදර මහරෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරින් ඉවත්කර කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මිය එම තනතුරට පත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අජිත් මෙන්ඩිස් මහතා පියවර ගෙන ඇත.
මහමෝදර මහරෝහලේ පසුගිය මාසය තුළදී පමණක් (පෙබරවාරි 02 සිට මාර්තු 03) විශේෂිත වූ ළදරු ඒකකයේ මියගිය ළමුන්ගේ සංඛ්‍යාව 13 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
බැක්ටීරියාව හේතුවෙන් මියගොස් ඇත්තේ එක් දරුවෙක් පමණක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.
lakbima.lk
No comments:
Post a Comment