Tuesday, March 20, 2012

රෝග ප්‍රතිකාරයට වැය කළ මුදල් ඉල්ලා දොස්‌තරට එරෙහිව පොලිසියට පැමිණිලි

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

හන්දිපත් රෝගය සුවකරන බවට පොරොන්දු වී රුපියල් 2,13330 ක්‌ ලබා ගත් බව කියමින් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් වැලිගම පොලිසියට රෝගියකු විසින් කළ පැමිණිල්ලක්‌ මත පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

එම රෝගියා සුව කරන බව පවසා වැලිගම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ඒ සඳහා එසේ මුදල් ලබාගෙන පොරොන්දු පත්‍රයක්‌ ලබාදී රිසිට්‌ පතක්‌ද නිකුත් කර ඇති බවට ප්‍රකාශ වෙන අතර රෝගය සුව නොවීම නිසා රෝගියා විසින් යළි මුදල් ඉල්ලා ඇතැයි පැමිණිල්ලෙන් කියා සිටී.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත වැලිගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Divaina 2012.03.20

No comments:

Post a Comment