Monday, March 19, 2012

වර්ජන කළාට චැනල් වැඩ දිගටම

පරිපූරක වෛද්‍ය වෘත්තික සේවකයින් තම ඉල්ලීම් වෙනුවෙන් වැඩ වර්ජනයක නියැළුණද පුද්ගලික චැනල් සේවාවේ නිරතවීම දැඩි පිළිකුළෙන් හෙළා දකින බව ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත රෝගීහු පවසති.
රසායනාගාර කාර්මික, භෞත චිකිත්සක, වෘත්තිය චිකිත්සකවේදීන් පුද්ගලික රෝහල්වල චැනල් සේවයේ යෙදී සිටින බව පවසන ඔවුහු අසරණ රෝගීන්ගේ ජීවිත ඇපයට තබා ක්‍රියා කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද පවසති.
මේ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ රෝගී සත්කාරක සේවාව කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කළ බවය.
සෑම රෝහලකම දැනට තිබෙන තත්ත්වය පිළිබඳවද තොරතුරු රැගෙන තිබෙන අතර මෙම වර්ජනය හේතුවෙන් අඩාල විය හැකි අංශ පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
මේ අනුව හදිසි සැත්කම්, ඔ පචර ස්කෑන්, රුධිර සහ අනෙකුත් පරීක්ෂණ විධිමත් පරිදි පුද්ගලික අංශ මගින් ඉටුකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.
අත්‍යවශ්‍ය ඖෂධ හැකිතරම් ඔසුහල් මගින් මිලදී ගැනීමටත් අවශ්‍යතාවය අනුව මිල ගණන් කැඳවා පුද්ගලික ඔසුහල් මගින් මිලදී ගැනීමටත් උපදෙස් ලබා දී තිබේ.
බාහිර රෝගීන් සඳහා දින තුනක ඖෂධත්, රෝගීන් සඳහා සති 2ක ඖෂධත් රජයේ ඔසුසල් මගින් ලබාදීමටත් ක්‍රියා කෙරේ.
අත්‍යවශ්‍ය අවස්ථාවල දී රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය අධිකාරී, ආයතන ප්‍රධානීන් නම් කරන ලද තිදෙනෙකු සටහන් තබා විධිමත් පරිදි ඖෂධ ගබඩා විවෘත කර අවශ්‍ය ශල්‍ය උපකරණ ඖෂධ ලබා ගැනීමටත් මෙම කමිටුව උපදෙස් දී ඇති අතර වර්ජන කාලසීමාවේ වෛද්‍ය සැපයීම් අංශය පැය 24 සේවය කරන බවත් ගැටලු ඇතොත් ඔවුන්ට දැනුම් දෙන ලෙසටත් දන්වා තිබේ.
Divaina 2012.03.19

No comments:

Post a Comment