Wednesday, November 2, 2011

හෙද නිළධාරීන්ගේ ඔක්තෝබර් මස වැටුපෙන් බදු අය කිරීමට කටයුතු කිරීම

ඔබ ආයතනයේ සේවය කරන විශේෂ ශ්රේණියේ හෙද නිළධාරීන් ඇතුඵ හෙද නිළධාරීන්ගෙන් ඔක්තෝබර් මස දළ වැටුප රු.50,000 ඉක්මවු විට බදු අය කිරීමට කටයුතු කර ඇති බව සංගමයට වාර්තා වේ.
නමුත් එලෙස රු.50, 000/- සීමාව ඉක්මවු වෛද් නිළධාරීන්ගෙන් බදු අය කර නොමැති අතර, එය එකම රෝහලක සේවය කරන කාර්ය මන්ඩල වලට දෙආකාරයකට සැලකීමකි.
මෙම බදු අය කිරීම මූලික වැටුප පමණක් සලකා කරන ලෙසට සංගමය සෞඛ් අමාත්යාංශයට හා භාණ්ඩාගාර ලේකම්ට කරුණු දක්වා ඇති අතර අවසන් විසදුමක් ලැබෙන තෙක් මෙලෙස බදු අය නොකිරිමට ඉල්ලා ඇත.
මුදල් අමාත්යාංශයේ චකරලේඛයක් පදනම් කර ගනිමින් විශේෂ ශ්රේණියේ හෙද නිළධාරීන් ඇතුඵ හෙද නිළධාරීන්ගෙන් මෙලෙස බදු අය කිරීමට කටයුතු කිරීම පිළිබඳ එකගවිය නොහැකි අතර, සාකච්ඡ වලට අදාල අවසන් විසදුමක් ලැබෙන තෙක් බදු අය කිරීම තාවකාලිකව අත්හිටවන ලෙසත්, දැනට බදු වෙනුවෙන් අය කොට ඇති මුදල් නැවත ගෙවීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.  
 
සමන් රත්නපරිය

No comments:

Post a Comment