Monday, November 14, 2011

කොළඹ හෙද විදුහලේ ඉහළ නිලධාරීන්ට සැප ගැනීමට - නවක හෙදියන්ව ගසාකයි

http://www.unions.lk/sin/index.php?option=com_content&view=article&id=641:2011-11-11-11-13-02&catid=34:2009-11-12-10-53-51&Itemid=50

2011 නොවැම්බර් 11 වෙනි සිකුරාදා, 16:41 |

මේ වන විට කොළඹ හෙද විදුහල් ක්ෂේතරය තුල මහා පරිමාණ වංචා, දූෂණ හා ගසාකෑම් ව්යාපාරයක් දියත් වී ඇති බව සමස්ත ලංකා සුව සේවා සංගමය පසුගිය 9 වැනි දින කොළඹදී මාධ් සාකචඡාවක් කැඳවමින් හෙළිදරව් කර සිටියේය.
මේ සම්බන්ධව ආසන්න සිදුවීම් ගණනාවක් ඔවුන් ඉදිරිපත් කළේය.
අළුතින්ම හෙදපත්වීම් ලබාදුන් 1442 පිරිස පසුගියදා ජනාධිපති මන්දිරයට කැඳවා ඇත්තේ එදිනට ඔවුන්ට ඩිප්ලෝමා සහතිකයක්ද රධානය කරන බව හෙද සිසුවන් එක්කෙනෙකුගෙන් රු. 2000/- ගණනේ මුදලක් එකතුකර ඇත. සමහර ළමයින්ගෙන් රු. 2100/- ගණනේ එකතුකර ඇත. මේ අනුව රුපියල් ලක් 28 පමණ මුදලක් එම උත්සවය සඳහා එකතු වී ඇත. එහෙත් එම මුළු උත්සවයටම වියදම් වී ඇත්තේ රුපියල් ලක් 6 පමණ වියදමක් බව සමස්ත ලංකා සුවසේවා සංගමය රකාශ කරයි.
මෙහිදී සිදුවූ ඇති තවත් සිදුවීමක් නම් පොරොන්දු වූ පරිදි ඩිප්ලෝමා සහතිකයක් ඉහත පත්වීම් ලද හෙදියන්ට ලබා නොදීමයි. කුලියට ගත් උපාධි ලෝගුදමා ඩිප්ලෝමා සහතිකය වෙනුවට කවරයක දමා ජනාධිපතිවරයා රධානය කර ඇත්තේ සාමාන් පත්වීම් ලිපියකි. මේ උත්සවය සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ කොළඹ හෙද විදුහලේ විදුහලේ විදුහල්පතිනිය හා එහි ආචාර්ය වරයෙකි. මොවුන්ගේ මෙම රියාකලාපය ගැන හෙදියෝ දැඩි ලෙස කලකිරී ඔවුන්ට දොස් පැවරීමටද පටන්ගෙන ඇත.
නව සිදුවීමක් මෙලෙස එම සංගමය හෙළිකළේය. එනම් 2009 වසරේ කණ්ඩායමට අයත් හෙදියන් 203 දෙනෙකුට පළමු වසරෙන් පසුව පවත්වන හිස්වැසුම් පැළඳවීමේ (නයිටිං ගර්ල් රතිඥාව දෙන උත්සවය* උත්සවය සඳහා මේ වන විට එක් හෙදියකගෙන් රු. 8000 ගණනේ එකතු කිරීමට පටන්ගෙන ඇත. කලින් සඳහා රු.10000/- ක් නියම කර තිබී හෙදියන්ගේ විරෝධය නිසා එය රු.8000/- බස්සවා තිබේ. අනුව එකතු වන මුදල රුපියල් ලක් 16 කට වැඩිය.
සාමාන්යයෙන් මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ හෙදි සිසුවියන් බවත් සඳහා ගුරුවරුන්ගේ සහාය ගන්නා බවත් නමුත් මෙවර එය කිරීමට යන්නේ කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනිය හා ආචාර්ය මණ්ඩලය බවත් මෙහි එකම අරමුණ මුදල් ගසා කෑම බවත් සමස්ත ලංකා හෙද සංගමය තවදුරටත් චෝදනා කරයි.
මේ අනුව මෑතදී සිට හෙද ක්ෂේතරයේ සෑම උත්සවයකට සිසුවියන්ගෙන් මුදල් එකතු කිරීමට පටන්ගෙන ඇති බවත් හෙද ගුරුවරුන්ට දිවා ආහාරය ලබාදීමටත් හැම ගුරුවරයාටම කෝපි බඳුන් කට්ටලයක් රදානය කරන ලෙසත් දන්වා සිසුවියන්ගෙන් මුදල් එකතු කර ඇත.
හෙදි නිල ඇඳුම වන නිල්පාට ඉරි සහිත සුදු ගවුම හා ගැලටියට (උඩින් දමන කෝට් එක වැනි කොටස* මැසුම් වියදම් සහිතව වැය වන්නේ රු. 1100/- ක් පමණක් වන බව එම සංගමය පෙන්වා දේ. එහෙත් මෙවර එම ගවුම් මසා දීමට ඇණවුම් භාර දී ඇති ආයතනයෙන් හෙද විදුහල්පතිනිය රුපියල් ලක්ෂයක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවද නිසා එය ආවරණය කිරීමට මෙවර එම ඇඳුමට රු. 1500 මුදලක් අදාල ආයතනය විසින් ඉල්ලා ඇති බවද සඳහන් කරන සමස්ත ලංකා හෙද සේවා සංගමය මේ සියළු කටයුතු සඳහා කොළඹ හෙද විදුහල්පතිනියට හා එහි ආචාර්ය මණ්ඩලයට සෞඛ් සේවා අධ්යක් ජනරාල්වරයාගේ පූර්ණ රැුකවරණය ලැබෙන බවද පෙන්වා දෙයි.
හෙද විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ බහුතරය රාජ් සේවා එක්සත් හෙද සංගමයේ ඉහළ නිලදරණ පිරිසක් වීමත් එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපතිවරයා සමග කිට්ටුවෙන් ගනුදෙනු කිරීමත් මෙම සියළු වංචා හා ගසාකෑම් යටගසා ගැනීමට ඔවුන්ට මහත් පිටුවහලක් වී ඇති බවද සමස්ත ලංකා හෙද සංගමය ඊයේ පැවති මාධ් සාකච්ඡාවේදී තවදුරටත් පෙන්වා දුන්නේය.
මෙම මාධ් සාකච්ඡාව සඳහා සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත ඇතුළු සංගමයේ රධාන නිලතල දරණ සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුම සහභාගී වී සිටියහ.
 

No comments:

Post a Comment