Wednesday, November 2, 2011

60 පැන්නොත් ගෙදර යන්න




          Oct 30(LN)- රාජ්‍ය සේවාවේ විශ‍්‍රාම යන වයස වන අවුරුදු 60 සිමාව නොසලකා හෙද සේවාවේ නිළධාරීන්හට අවුරුදු 63 දක්වා සේවය කිරීමට ඉඩදෙන ලෙස ඉල්ලීමක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති අතර, එයට සෞඛ්‍ය සේවා වෘත්තිය සන්ධානය  තරයෙම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

           එම සන්ධානය සදහන් කරන්නේ රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60 ඉක්මවු නිළධාරීන්ට සේවා දිගු ලබා නොදීම සාමාන්‍ය ප‍්‍රතිපත්තිය වන අතර,ඊට අදාල රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 09/2007 මගින් ද මේ පිළිබඳ අවධාරණය කර ඇති බවයි.

           නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සන්ධානය  මේ පිළිබදව අවධාරණය කරයි..

           ශ‍්‍රී ලංකා හෙද සේවාවේ යම් පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතුන ද ඒවා පිරවීම සඳහා වයස අවුරුදු 60 ඉක්මවු හෙද නිළධාරීන්ට වසර 03 ක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කිරීම හෝ ඒ පිළිබඳ ඉල්ලීම් සිදු කිරීම පිලිගැනීමට අපහසු කරුණකි. උතුරු පළාතේ රෝහල් වල යම් තරමක හෙද හි`ගය වැඩි තත්ත්වයක් පැවතුන ද, සෙසු සිය`ඵම රෝහල් වල දැනට සේවය කරන හෙද නිළධාරීන්ගේ සංඛ්‍යාවෙන් යම් යම්  ගැට`ඵ මධ්‍යයේ පවා පවත්වාගෙන යාමට හැකි බව අපගේ අදහසයි. දැනට පවතින හෙද හි`ගය ආවරණය කිරීම සඳහා අතිකාල සහ නිවාඩු දින දීමනා සේවය කරන හෙද නිළධාරීන්ට ලබාදීම මගින් කටයුතු කර ඇති අතර, ඒමගින් රෝහල් සේවා අඩාල වීමකින් තොරව පවත්වාගෙන යන ස්වභාවයක් දකින්නට ඇත

            රාජ්‍ය සේවයේ විශ‍්‍රාම යන වයස තීරණය කරනු ලබන්නේ  සිදුකරනු ලබන විද්‍යාත්මක අධ්‍යනයන් තුලිනි. ඒ අනුව වයස අවුරුදු 60 සීමාව නිශ්චිත කොට ඇත්තේ එම නිළධාරීන්ගේ කායික හා මානසික යෝග්‍යතාව, සේවා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැනි කරුණු පදනම් කොට ගෙනය. විද්‍යාත්මක පසුබමක රෝගීන්ගේ ජීවිත වගකීම් සම`ග රාජකාරී කරන හෙද සේවාවේ නිළධාරීන්ගේ කුසලතාවය අපේක්ෂිත මට්ටමකින් තිබීම වඩා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැලසීමට අත්‍යාවශ්‍ය වේ. වයස අවුරුදු 60 ඉක්මවු හෙද නිළධාරීන් සේවයේ යොදවා ගැනීම තුළින් මෙම අපේක්ෂිත අරමුණු ඉටුවීම පිළිබඳ බරපතල ගැට`ඵ මතුවේ. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 09/2007 මගින් ද අවධාරණය කර ඇති බව සිහිපත් කරමු.
            දැනට හෙද සේවයේ පුරප්පාඩු පවතින්නේ මාණ්ඩලික හෙද නිළධාරි තනතුරේ වන අතර, බොහොමයක් වයස අවුරුදු 60 ඉක්මවු නිළධාරීන් පරිපාලන මට්ටමේ තනතුරු දැරූ හෝ එම මට්ටමට ල`ගා වු අය වෙති. එම අය කොන්ත‍්‍රාත් පදනම මත සේවයේ යෙදවීමේ දී හෙද හි`ගය පවතින මාණ්ඩලික තනතුරේ රෝගී සාත්තුවට යොමු කල යුතු වන අතර එසේ  කිරීම රාජ්‍ය සේවයේ එතෙක් ඔවුන් ලැබු වරප‍්‍රසාද සහ සේවා තත්ත්වය හෑල්ලූවට ලක් කිරීමකි. 

            හෙද හිගය අවම කිරීම සඳහා දැනට බඳවා ගන්නා හෙද නිළධාරීන් ප‍්‍රමාණය වැඩි කිරීමත්, හමුදා සේවයෙන් විශ‍්‍රාම ලැබු හෙද නිළධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමත් හා පිරිමි හෙද නිළධාරීන් බඳවා ගැනීමේ ප‍්‍රතිශතය වැඩි කිරීම වැනි යෝජනා හරහා සිදු කිරීමට හැකි තත්ත්වයක් පවතින අතර, වයස අවුරුදු 60 ඉක්මවු හෙද නිළධාරීන්ට ඔවුන්ගේ විශ‍්‍රාම දිවිය අභිමානවත් ලෙසින් ගතකිරීමේ අවස්ථාව සලසා දීම කල යුතුය. එබැවින් වයස 60 ක ඉක්මවු හා විශ‍්‍රාම ගිය හෙද නිළධාරින්හට 60 න් පසු සේවා දිගු ලබා දීම පිළිබඳව අපහට එක`ගවිය නොහැකි බව අවධාරණය කරන්නෙමු



No comments:

Post a Comment