Sunday, November 6, 2011

ලැප්ටොප් - කැමරා අතුරුදන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරියෝ දෙදෙනා "කොරහ බිඳගෙනම" ගෙදර යති

අජිත් අලහකෝන්
සෞඛ් අධ්යක්ෂවරියන් දෙදෙනකු විශ්රාම ලබා නිවෙසට යද්දී සිය කාර්යාලයේ තිබූ රුපියල් ලක් පහළොවක්පමණ වටිනා ලැප්ටොප් පරිගණක කැමරා ඇතුළු උපකරණ කිහිපයක් ගෙන ගොස්ඇතැයි වාර්තා වෙයි.
මෙම අධ්යක්ෂවරියන් දෙදෙනාම වෛද්යවරියන් බව එක්අයකු එක්තරා රෝහල් පද්ධතියක් භාරව කටයුතු කළ බව සෞඛ් අමාත්යාංශයේ ප්රකාශකයෙක්කීය. ඇය සිය කාර්යාලයේ තිබූ ලැප්ටොප් එකක්සහ මේසය මත තබන පරිගණකයක්නිවසට ගෙන ගොස්ඇති බව ඉහත ප්රකාශකයා කීය. අනෙක්වෛද්යවරිය සෞඛ් ආයතනයක අධ්යක්ෂවරියක්ලෙස කටයුතු කර ඇති අතර කාර්යාලයේ තිබූ රුපියල් ලක් අටක්පමණ වටිනා කැමරාවක්විශ්රාම යද්දී ඇය විසින් රැගෙන ගොස්ඇත.
මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ සෞඛ් අමාත්යාංශය මෙම අධ්යක්ෂවරියන් දෙදෙනාගෙන් එක්අයකුට විශ්රාම වැටුප් ගෙවීම අත්හිටුවා ඇතැයි අනෙක්අධ්යක්ෂවරියට විශ්රාම වැටුප ගෙවීම අත්හිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව ප්රකාශකයා කීය. මේ පිළිබඳ අමාත්යාංශ විගණන අංශයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව හෙතෙම සඳහන් කළේය.

Divaina 2011.11.05



No comments:

Post a Comment