Monday, November 14, 2011

කෝටි 46ක දේපළ සෞඛ්‍ය අමාත්‍යංශයට දුන් කඩවත මාලනී ගේ නිවස තැලසීමීයා රෝහලක්

පසුගිය වසරේ රුපියල් කෝටි 46ක් වටිනා දේපළ සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා දුන් මහර, කඩවත මාලනී හේමලතා ආරියරත්න මහත්මියගේ නිවෙස බස්නාහිර පළාතේ තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා විශේෂිත රෝහලක් ලෙස ඊයේ (11) විවෘත කැරිණි.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත කැරුණු මේ රෝහල හේමලතා මහත්මියට උපහාරයක් ලෙස හේමාල්ස් තැලසීමියා ප්‍රතිකාර ඒකකය ලෙස නම් කැර තිබේ. මෙය මහර කඩවත සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ අංක 10 දරන ස්ථානයේ පිහිටා ඇත. මෙය මහල් තුනකින් සමන්විතය.
මාලනී හේමලතා ආරියරත්න මහත්මිය කළ මේ පරිත්‍යාගය මෙතෙක් රජයේ ආයතනයකට ශ්‍රී ලංකාවේ දානපතියකු කළ වැඩිම වටිනාකමින් යුත් පරිත්‍යාගය වෙයි. තමන් මිය යාමට පෙර තම නිවෙස රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථානයක් බවට පත්වනු දැකීම තම පරමාර්ථය බව එය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පවරා දුන් අවස්ථාවේ ඇය සෞඛ්‍ය ඇමැතිවරයා වෙත ප්‍රකාශ කැර තිබිණි. මේ ඒකකය ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් මිලියන 25ක් පමණ වැය කළ අතර රාගම ශික්ෂණ රෝහලට අනුබද්ධ කාර්ය මණ්ඩල හා උපකරණ එහි ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගනු ලැබේ. මෙතෙක් එම ප්‍රතිකාර පවත්වා ගෙන යනු ලැබුවේ රාගම ශික්ෂණ රෝහලේ 10.10 කාමරයේය.
Dinamina 2011.11.14

No comments:

Post a Comment