Monday, November 14, 2011

එන්නත් කුප්පියෙන් වීදුරු කැබලි මතුවෙයි

ඒමන්ති මාරඹේ
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ රෝගීන් සඳහා ලබාදෙන ෆුලුකැනසෝල් අයි වී එන්නත් දියර කුප්පියක තිබී වීදුරු කැබලි කීපයක්ඊයේ (13 වැනිදා) සොයාගෙන ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම වීදුරු කැබලි අඩංගු එන්නත් දියර කුප්පිය පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යවා ඇති අතර, එම එන්නත් කුප්පිය අයත් 382213 දරන කාණ්ඩයට අයත් එන්නත් දියර කුප්පි තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ආසාදනයන් සඳහා ලබාදෙන මෙම ෆුලුකැනසෝල් අයි. වී. එන්නත් දියර කුප්පි ඉන්දියාවේ අහමදාබාද් හි චවාර්වාඩි ප්රදේශයේ පිහිටි බෙහෙත් සමාගමකින් ආනයනය කර ඇති ඒවා බව අනාවරණය වී තිබේ.

Divaina 2011.11.14



No comments:

Post a Comment