Tuesday, November 29, 2011

සීගිරිය රෝහලේ හෙදියන් සිව් දෙනාගෙන් තිදෙනකුම ප්‍රසූත නිවාඩු ලබාගෙන

සීගිරිය - සරත් එරමිණිගම්මන

සීගිරිය රෝහලේ සේවය කළ හෙදියන් සිව්දෙනාගෙන් තිදෙනකුම සතියක පමණ කාලයක සිට ප්‍රසූත නිවාඩු ලබා ගැනීම හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සත්කාර සේවා කටයුතුවලට ගැටලු ඇති වී තිබේ. මේ නිසා හදිසි රෝගීන් පමණක්‌ රෝහලට භාරගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර හැරීමටත්, සෙසු රෝගීන්ට වෛද්‍යවරයාගේ අධීක්‍ෂණය යටතේ සෞඛ්‍ය කම්කරුවන් ලවා සේවාවන් පවත්වා ගෙන යැමටත් රෝහල් පරිපාලනය පියවර ගෙන ඇති බව පවතින රෝහල් සංවර්ධන කමිටුව කඩිනමින් රෝහලට අවශ්‍ය හෙදියන් අනුයුක්‌ත කරන ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට හදිසි ප්‍රතිකාර සේවා ලබා ගැනීමට සහ සීගිරිය අවට ගම්මාන 20 කට ආසන්න සංඛ්‍යාවක ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීමට ඇති එකම රෝහල මෙය බව රෝහල් සංවර්ධන කමිටුව පවසයි. මේ තත්ත්වය මාසයකට පෙර සිට කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ද රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් ආර්. එම්. රන්බණ්‌ඩාර මහතා පැවසීය.

Divaina 2011/11/29

No comments:

Post a Comment