Thursday, November 10, 2011

අව සිහියෙන් අපරාධ කල 210 ක් අංගොඩ රෝහලේ

(08-11-2011 13:45 +0530 - lankacnews.com)
අධිකරණ නියෝග මත ප‍්‍රතිකාර සඳහා යොමුකල ලද සැකකරුවන් 210 ක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂ වාට්ටුවක රඳවා ඇතැයි එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පවසයි.
බින්නෝන්මාදය නමැති අධි මානසික රෝගී තත්වයෙන් සාහසික ක‍්‍රියාවන්ට යොමු වූ 160 ක්ම මේ අතර වන බවද ඒ මහතා කියයි.
මෙම පිරිසෙන් 20 දෙනෙකුට පමණ මිනී මැරුම් චෝදනා එල්ල වී තිබේ. මානසික රෝගී තත්වයෙන් මහමඟ කලහකාරී ලෙස හැසිරෙමින් තිබියදී පොලීසිය විසින් දිස්ත‍්‍රික් අධිකරණයට ඉදිරිපත් කරන ලද 50 දෙනෙකුද ප‍්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කරයි

No comments:

Post a Comment