Tuesday, November 29, 2011

මාතර දන්ත ශල්‍ය වෛද්‍යවරු අද වර්ජනයේ

ඒමන්ති මාරඹේ

මාතර මහ රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය ජානකී බන්දුසේන මහත්මිය මියයැමට හේතු වූ රිය අනතුරට වගකිවයුතු රියෑදුරා අත්අඩංගුවට ගැනීමට මෙතෙක්‌ පියවර නොගැනීම සම්බන්ධව විරෝධය පාමින් මාතර මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත කාර්ය මණ්‌ඩලය හා මාතර දිස්‌ත්‍රික්‌කයේ සියලු දන්ත ශල්‍ය වෛද්‍යවරු අද (29 දා) වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඉකුත් 24 වැනිදා සිය සේවය සඳහා පැමිණෙමින් සිටියදී මිරිස්‌ස ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍ය බන්දුසේන මහත්මිය මියගොස්‌ ඇති අතර එම අනතුර සිදුවී පැය 72 කට අධික කාලයක්‌ ගත වී ඇතත් අනතුරට වගකිවයුතු රියෑදුරා අත්අඩංගුවට නොගැනීමෙන් පොලිසිය මියගිය වෛද්‍යවරියට හා අනතුරේදී මියගිය හා තුවාල ලැබූ සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අසාධාරණයක්‌ සිදු කර ඇතැයි දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා "දිවයින" ට පැවසීය.

මේ සම්බන්ධව අදාළ පියවර ගන්නා ලෙස පොලිස්‌පතිවරයා හා දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත තම සංගමය දැනුම් දී ඇතැයි කී වෛද්‍ය රත්නායක මහතා අද (29 දා) දින පැවැත්වෙන රෝහල් වර්ජනයෙන් රෝගීන් අපහසුතාවට පත් වන්නේ නම් එහි සම්පූර්ණ වගකීම පොලිස්‌පතිවරයා ඇතුළු පොලිස්‌ දෙපාර්තමේන්තුව භාර ගත යුතු බව අවධාරණය කරයි.

Divaina 2011/11/29

No comments:

Post a Comment