Saturday, November 5, 2011

රාජ්‍ය භාෂා වැඩසටහනට ඩොලර් මිලියන 5.6ක සීඩා ආධාර

Submitted by News on Thu, 06/30/2011 - 08:52.
ශ්‍රී ලාංකිකයන්ට තම මවු බසින් රජයේ සේවය ලබා ගැනීම සඳහා කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (CIDA) අමෙරිකන් ඩොලර් මිලියන 5.6කින් සිය දායකත්වය ලබා දේ. පිළිබඳ ගිවිසුමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර හා කැනේඩියානු මහ කොමසාරිස් බෲස් ලෙව් යන මහත්වරු පෙරේදා (28) අස්සන් තැබූහ.
මෙහිදී අදහස් දැක්වූ ඇමැති වාසුදේව නානායක්කාර මහතා, සිංහල හා ද්‍රවිඩ භාෂා කතා කරන ජනවාර්ගික කොටස්හි දැනට පවතින පරතරය නැති කරලීම මගින් ඔවුන්ගේ භාෂා අයිතිය තහවුරු කිරීම මේ ගිවිසුමේ පරමාර්ථයයි. වසර 1930 දී ආරම්භ වූ භාෂා භාවිතය එකල ඉංගී‍්‍රසි රාජ්‍ය භාෂාව සේ ගෙන සිංහල හා ද්‍රවිඩ භාෂා භාවිතයට ද මහජනතාවට ඉඩ ලබා දී තිබුණි. වර්තමානයේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල හා දෙමළ භාෂා ව්‍යවස්ථානුකූලව නීති ගත කළ බැවින් අපගේ වගකීම එය නිවැරැදිව ක්‍රියාත්මක කිරීමයි.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගෙන් 74%කට සිංහල භාෂාවද, 25%කට දෙමළ භාෂාවද කථා කළ හැකි අතර එයින් දෙමළ ජනයාගෙන් 25% සිංහල භාෂාව හා, සිංහල හා දෙමළ ජනයාගෙන් 10% පමණ ඉංගී‍්‍රසි භාෂාව කථා කළ හැකියි. ඒ අනුව රටේ භාෂා ප්‍රතිපත්තිය නිවැරැදිව ක්‍රියාත්මක කිරීම සඳහා මේ මුදල යොදා ගන්නවා.එම අවස්ථාවේ දී සිය අදහස් දැක්වූ කැනේඩියානු මහ කොමසාරිස් බෲෘස් ලෙව් මහතා:- රාජ්‍ය භාෂා ප්‍රවර්ධනයේ දී සහ සුරක්ෂිත කිරීමේ දී කැනඩාව සතු ඉවසීමේ සම්ප්‍රදාය හා ප්‍රායෝගික අත්දැකීම් සහ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවේ ජාතික භාෂා ව්‍යාපෘතිය සඳහා උපයෝගී කර ගැනීමට ලැබීම සතුටුවීමට කරුණක් බව දන්වා සිටියේය.
http://govlk.com/content/%E0%B6

No comments:

Post a Comment