Thursday, November 3, 2011

කරන්දෙණිය නගරය ඊයේ යුද පිටියක්‌ වෙයි

දොස්තර ඝාතන සැකකරුවන්ගේ දේපොළ වනසති
සාමය රැකීමට එස්‌.ටී.ෆ්. සහ පොලිසිය යොදවයි
හේමන්ත රන්දුණු ,කරන්දෙණිය -ඇල්පිsටිය සහ අහුන්ගල්ල
ප්රකෝපකාරී ලෙස හැසිරුණු පිරිසගේ ප්රහාරයට ලක්වීමෙන් වෛද්යවරයාගේ ඝාතනයට සම්බන්ධ ප්රධාන සැකකරුගේ නිවස සහ තවත් නිවසක්ගිනිගෙන විනාශ වී තිබූ අයුරු

 කරන්දෙණිය රෝහලේ වෛද් ප්රියංක ප්රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක්වටිනා සුවිසල් නිවාස සහ දේපළ රැසකට ඊයේ (01 වැනිදා) පෙරවරුවේ ප්රහාර එල්ල කළ ප්රදේශවාසීන් එම දේපළ ගිනි තබා විනාශ කර කලහකාරී ලෙස හැසිරීම නිසා කරන්දෙණිය නගරය එකම යුද පිටියක්බවට පත්විය.
කරන්දෙණිය සහ අවට ප්රදේශවලින් පැමිණි දස දහසකට ආසන්න පිරිසක්කලහකාරී ලෙස හැසිරෙමින් සැකකරුවන්ගේ දේපොළ ගිනි තබා විනාශ කරමින් පැය ගණනක්තිස්සේ කරන්දෙණිය නගරය සියතට ගනිමින් සිටියහ. කලහකාරී පිsරිස්පලවා හැරීමට පොලිසිය සහ පොලිස්විශේෂ කාර්ය බළකාය දැඩි උත්සාහයක නිරත වුවද එය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක්උද්ගත විය.
වෛද්යවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන් වන චැනල් සෙන්ටර් හිමිකරුට අයත් තුන්මහල් නිවසක්, පෞද්ගලික වෛද් මධ්යස්ථානය, එහි සේවය කරන හෙදියකට අයත් නිවසක්, වෙළෙඳසලක්ගිනි තබා විනාශ කිරීමට ප්රදේශවාසීන් කටයුතු කර ඇත.
වෛද්යවරයා ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව ලබාගත් සැකකාර යුද හමුදා කපිතාන්වරයාට අයත් කරන්දෙණිය කිරිබේද්ද ප්රදේශයේ පිහිටි විශාල නිවසක්සහ සැකකරුගේ පියාට අයත් කුරුඳුගහහැතැප්ම නගරයේ පිහිටි විශාල වෙළෙඳසලක් කලහකාරී පිරිස් විසින් ප්රහාර එල්ල කර ගිනි තබා විනාශ කරනු ලැබීය.
නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා ඊයේ (01 දා) පෙරවරු 9.00 පමණ කරන්දෙණිය නගරයට පැමිණ වෛද්යවරයා ඝාතනය කිරීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්රසාදය පළකරමින් නගරවාසීන් සමඟ කතාබහ කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒම පිළිබඳව ප්රසාදය පළකළ නගරවාසීහු රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූහ.
ඇමැතිවරයා කරන්දෙණිය නගරයෙන් පිටව ගිය පසු එහි පැමිණ ඇති අතිවිශාල ජනතාවක්වෛද්යවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුට අයත් කරන්දෙණිය බොරකන්ද රෝහල අසල පිහිටි පෞද්ගලික වෛද් මධ්යස්ථානය වෙත ගොස්ඇත.
වන විට වෛද් මධ්යස්ථානය දින කීපයක්තිස්සේ වසා තිබිණි. එහි පැමිණි ප්රදේශවාසීන් වෛද් මධ්යස්ථානය වෙත ගල්මුල් ප්රහාර එල්ල කර ඊට ගිනි තැබූහ.
ප්රධාන සැකකරුට අයත් තුන්මහල් සුවිසල් නිවස පිහිටා තිබී ඇත්තේ වෛද් මධ්යස්ථානයේ සිට මීටර් 100 ක්පමණ දුරින්ය. කලහකාරී පිරිස්ප්රධාන සැකකරුගේ නිවස වෙත ගොස්ඊට දැඩි ප්රහාරයක් එල්ල කළහ. සිද්ධිය වන අවස්ථාවේ එම නිවසේ කිසිවකු හෝ සිට නැත.
නිවස තුළට කඩාවැදුණු කලහකාරී පිරිස්ඊට පෙට්රල් ඉසිමින් ගිනි තැබූහ. නිවසේ ඇති වූ ගිනි ගැනීමත් සමඟම එහි තිබූ ගෑස්ටැංකි කීපයක් පුපුරා ගොස්සුවිසල් නිවස එකම ගිනිජාලාවක්බවට පත්විය.
මෙම සුවිසල් නිවස මීට වසර කීපයකට උඩදී ඉදිකළ එකක් බවත් එහි වටිනාකම රුපියක්කෝටි ගණනක්බවත් ආරංචි මාර්ග පැවැසීය. නිවසේ කාමර සියල්ලටම වායු සමීකරණ යන්ත් සවිකර තිබූ අතර එහි තිබූ වටිනා භාණ් සියල්ල ගින්නෙන් පිළිස්සී ඇත.
මේ වන විට කරන්දෙණිය නගරයේ ඇති වී තිබූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ පොලිස්විශේෂ කාර්ය බළකාය දැඩි උත්සාහයක නිරත වුවද අතිවිශාල ජනකායක්කලහකාරී ලෙස හැසිරීම නිසා එය ව්යර්ථ විය.
පසුව කලහකාරී පිරිස්ප්රධාන සැකකරුට අයත් වෛද් මධ්යස්ථානයේ සේවය කරන හෙදියකගේ නිවසට ගල්මුල් ප්රහාර එල්ල කර ඊට ගිනි තැබූහ. හෙදියට අයත් වෙළෙඳසලකට පහර දුන් කලහකාරී පිරිස්එය ගිනි තබා විනාශ කර තිබේ.
මෙහිදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස්එල්ල කළ ගල්මුල් ප්රහාරවලින් නගරවාසීන් සිව්දෙනකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් රෝහල්ගත කරනු ලැබිණි.
කරන්දෙණිය නගරයේ මෙම ප්රහාරය එල්ල වෙද්දී තවත් කලහකාරීන් පිරිසක්කිරිබේද්ද ප්රදේශයේ පිහිටි සැකකාර කපිතාන්වරයාට අයත් විශාල නිවසට ගිනි තබා විනාශ කළහ. පසුව එම පිරිස කුරුඳුගහහැතැප්ම ප්රදේශයේ පිහිටි කපිතාන්වරයාගේ පියාට අයත් වෙළෙඳසලට පහර දී ගිනි තැබූහ. පසුව සැකකරුගේ පියාට අයත් නිවසකට පහර දී ගිනි තබා විනාශ කිරීමට කලහකාරීන් කටයුතු කර ඇත.
කරන්දෙණිය ප්රදේශයේ ඇතිවී තිබූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසියට සහ විශේෂ කාර්ය බළකායට අවශ් යුද හමුදා කණ්ඩායම් කීපයක්පිටත්කර යෑවීමට පියවර ගත් බව දකුණු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ් පොලිස්පති ලලිත් ජයසිංහ මහතා "දිවයින" පැවැසීය.
ඊයේ දහවල් වන විට කරන්දෙණිය නගරයේ ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සමත් විය.
මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්යවේදීන් කීපදෙනකුට කලහකාරීන් පහර දුන් අතර ඔවුන්ට අයත් කැමරා උපකරණ කීපයක් විනාශ කර ඇත.


http://www.divaina.com/2011/11/02/news01.

Picture preview



No comments:

Post a Comment