Sunday, November 6, 2011

විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් තොරතුරු ගන්න වෙබ් අඩවියක්‌

ඒමන්ති මාරඹේ
ශ්රී ලාංකික විශේෂඥ වෛද්යවරුන් විසින් ලබාදී ඇති රෝග හා රෝග නිවාරණය පිළිබඳ තොරතුරු හා සෞඛ් සේවාවන් පිළිබඳ ලි තොරතුරු සිංහල, දමිළ හා ඉංගී්රසි යන ෙත්රෙභාෂාවෙන්ම මහජනතාවට ලබාගත හැකි "සුවසැරිය" (හෙල්ත් නෙට්‌) වෙබ් අඩවිය හා ඇමතුම් මධ්යස්ථානය පසුගියදා සෞඛ් අමාත්යාංශයේදී නිල වශයෙන් එළිදැක්විණි. කොළඹ කිංසි පාරේ පිහිටි සෞඛ් අධ්යාපන කාර්යාංශය මගින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර අයි.සී.ටී.. ආයතනය එයට සහයෝගය දක්වා ඇත.

"
සුවසැරිය" වෙබ් අඩවිය හරහා මහජනතාවට විශේෂඥ වෛද්යවරුන් විසින් ලබාදී ඇති සෞඛ් පිළිබඳ තොරතුරු සහිත ලිපි ලබාගැනීමට අමතරව විද්යුත් තැපෑල (ඊමේල්) මගින් විශේෂඥ වෛද්යවරුන් ගෙන් සෞඛ් තොරතුරු ලබාගත හැකි අතර අන්තර්ජාලයේ "ස්කයිප්" සන්නිවේදනය හරහා සහ "චැට්රූම්" පහසුකම් ඔස්සේ ඔවුන් ගෙන් තොරතුරු විමසීමේ පහසුකම් සලසා තිබේ. අන්තර්ජාල පහසුකම් නොමැති අයට අලුතින් විවෘත වූ සෞඛ් අධ්යාපන කාර්යාංශය යටතේ පවතින ඇමතුම් මධ්යස්ථානයට 0710-107107 යන දුරකථන අංකයට ඇමතීමෙන් එසේත් නැතිනම් කෙටි දුරකථන පණිවිඩ (එස්‌.එම්.එස්‌.) හරහා විශේෂඥ වෛද්යවරුන් ගෙන් සෞඛ් තොරතුරු ලබාගත හැකිය. මෙම වෙබ් අඩවිය හරහා අන්තර් ක්රියාකාරී සෞඛ් තොරතුරු, සංඛ්යාංක සෞඛ් විත්ති, සෞඛ් සම්බන්ධ සංඛ්යා ලේඛන හා සෞඛ් සම්බන්ධිත වෙබ් අඩවි පිළිබඳව තොරතුරු ලබාගත හැකි අතර ගුවන් විදුලි සෞඛ් හා සෞඛ් පිළිබඳ ශ්රව් විකාශන පහසුකම් සලසා දී තිබේ. මෙහිදී මහජනතාවට අවශ් සෞඛ් තොරතුරු ලබාදීම සඳහා වෛද්යවරු 125 දෙනකු පමණ "සුවසැරිය" වෙබ් අඩවියට සම්බන්ධවී සිටිති.

"
සුවසැරිය" වෙබ් අඩවියට පිවිසිය හැකි වෙබ් ලිපිනය වනුයේ www.suwasariya.gov.lk යන්නයි" සෞඛ් ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා විසින් මෙම වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කරන ලදී.

divaina 2011.11.05





No comments:

Post a Comment