Thursday, November 10, 2011

පඩි රහිත නිවාඩු ලබාගත් සෞඛ්යහ අමාත්යාංබශයේ වෛද්ය්වරයෙක්‌ රට යන බව කියා කොළඹ "බිස්‌නස්‌වල"

ඒමන්ති මාරඹේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන එක්‌තරා විදේශීය වෛද්‍ය උපාධිධාරී වෛද්‍යවරයකු අමාත්‍යාංශ බලධාරීන් නොමග යවමින් විදේශගත වන බව පවසා මාස හයක පඩි රහිත නිවාඩු ලබා ගෙන කොළඹ තදාසන්න ප්‍රදේශයක නිවාස ආශ්‍රිත ව්‍යාපාරයක සේවය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පැවැසීය.
අදාළ වෛද්‍යවරයා අමාත්‍යාංශයෙන් නිවාඩු ලබා ගෙන ඇත්තේ මාසයකට පමණ පෙරදීය.
මෙම වෛද්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පවා සම්පූර්ණ කර නොමැති අයකු වුවද 2007 වසරේ සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සැලසුම් සකස්‌ කිරීම පිළිබඳ අංශයක සේවය කරමින් සිටින බව එම ආරංචිමාර්ග කීවේය.
ඔහු මීට පෙර වතාවන්හීද විදේශගත වී ඇතත් ඒ සඳහා ඉහළ බලපෑමකින් නිවාඩු පවා අනුමත කර ගෙන නොමැති බව අනාවරණය වී ඇත එසේ සේවයට නොපැමිණි දිනයන් සඳහාද ඔහු සියලු දීමනා සහිත වැටුප් ලබා ගෙන ඇති අතර මෙම වෛද්‍යවරයා පිළිබඳ ලැබී ඇති පැමිණිලි අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ විමර්ශන ඒකකය තුන් වතාවක්‌ම ඔහු කොටු කර ගෙන ඇතත් ඒ සෑම අවස්‌ථාවකදීම අමාත්‍යාංශයේ ඉහළ නිලධරයකු ඔහුට එරෙහිව පැවැත්වූ පරීක්‍ෂණ පවා නවත්වා වෛද්‍යවරයා මුදාගෙන ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට බැඳීමට පෙර ඔහු කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍ය නිලධාරියකු ලෙස කටයුතු කර තිබේ. වෛද්‍ය සභාවේ පවා ලියාපදිංචිය සම්පූර්ණ කර නැති මෙවැනි වෛද්‍යවරයකුට නිදැල්ලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරමින් වංචනික අයුරින් ක්‍රියා කිරීමට බලධාරීන් ඉඩ ලබා දීම පිළිබඳව අමාත්‍යාංශ සේවකයෝ විමතිය පළ කර සිටිති.
divaina 2011.11.09

No comments:

Post a Comment