Tuesday, November 29, 2011

රියෑදුරු අත්අඩංගුවට ගත් පසු මාතර වෛද්‍ය වර්ජනය නිමවේ

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

ඉකුත් 24 දා මිරිස්‌ස බන්ඩරමුල්ලේදී බස්‌ රථයක්‌ ටිපර් රථයක ගැටීමෙන් බසයේ ගමන් ගත් මාතර මහ රෝහලේ දන්ත වෛද්‍යවරියක්‌ වන ජානකී බන්දුසේන මහත්මිය මිය යැම සහ අනතුර පිළිබඳව ඊයේ (29 දා) දහවල් වැලිගම පොලිසිය විසින් කනංකෙ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බසයේ රියෑදුරා සම්බන්ධව නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඊයේ (29 දා) දහවල් මාතර මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මෙහෙයවීමෙන් රෝහල ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක්‌ පවත්වන ලදී.

මෙම රියෑදුරා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙදින උදෑසන අදාළ රියෑදුරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා රෝහල් කාර්ය මණ්‌ඩලයේ විශාල පිරිසක්‌ වර්ජනයේ නිරත වූහ. රියෑදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහල් වර්ජනය දහවල් අවසන් කරන ලදි.

විරෝධතා ව්‍යාපාරයට මාතර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලයේ විශාල පිරිසක්‌ සහභාගි වූහ.

Divaina 2011.11.30

No comments:

Post a Comment