Monday, November 7, 2011

දින පහේ සතිය ඉල්ලීම සහ පිස්සු කෙලීම

හෙද නිලධාරීන්ගේ රාඡකාරි කාලය සහ එහි ස්වභාවය ආදිය අනෙක් රාඡ්‍ය සේවකයන් සමඟ සසඳන විට හෙද නිලධාරීන්ට වන අසාධාරණය ගැන සලකා බලා රඡයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් හෙද නිලධාරීන්ගේ රාඡකාරි කාලය සඳහා දින පහක සතියක් ලබාදෙන ලෙස ඉල්ලනු ලැබීය.

එම ඉල්ලීම පහත දැක්වේ.




එම ඉල්ලීම ඉදිරියට යමින් ඒ ගැන සොයා බලා වාර්තාවක් සැකසීම සඳහා නියෝඡ්‍ය අධ්‍යක්ෂ ඡෙනරාල් (වෛද්‍ය සේවා) ගේ සභාපතිත්වයෙන් යුක්තව කමිටුවක් පත්කරන ලදී.

එම කමිටුව විසින් මෙම ඉල්ලීම සම්බන්ධව අදහස් ලබා ගැනීමට ඡාතික රෝහල ඇතුළු සියළුම ශික්ෂණ රෝහල්වල අධ්‍යක්ෂකවරුන් හා හෙද සේවාවේ සියළු වෘත්තීය සමිති සභාපතිවරුන් වෙත පහත ලිපිය එවන ලදී.



ඒ අනුව හැම රෝහලකම වාගේ, රෝහල් අධ්‍යක්ෂකවරුන් මේ පිලිබඳව විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනීන් ගෙන් විමසීම් කළා.ඒ අනුව මේ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය සියළුම වාට්ටු භාර හෙද නිලධාරිනීන් සහ හෙද සොයුරියන් රැස්වීමකට කැ‍‍ෙඳව්වා. එහිදී ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය කිව්වෙ “ මේ රඡයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙද නිලධාරීන්ට දින පහේ සතියක් ඉල්ලල තියෙනවා. අධ්‍යක්ෂකතුමා ඒකට අපේ අදහස් ඉල්ලනවා. ඒ සහා ඔබගේ අදහස් ගන්නයි මේ රැස්වීම කැ‍‍‍ෙව්වෙ. මේවා කරන්න පුළුවන් වැඩද? අනෙක එහෙම කලොත් අපි දුක්විඳල දිනාගත්තු පැය හයේ සේවය අතහැරල පැය අටේ සේවෙට යන්න වෙනවා. එතකොට එකට ඕfප් වෙලා ගස් යට රස්තියාදු වෙලා අර ඉස්සර කලා වගේ තවත් පැය දෙකක් ඩියුටි කරල තමයි ඕfප් වෙන්න සිද්ද වෙන්නෙ. අනෙක රාඡ්‍ය සේවකයො හැම කෙනෙක්ම සතියකට පැය 40ක් ඩියුටි කරද්දි අපි විතරක් පැය 30ක් ඩියුටි කරන එක කොච්චර අසාධාරණද?" ආදී වශයෙන් කතාව ආරම්භ කරමින් ඍණ මානසිකත්වයක් සභාව තුල නිර්මාණය කරල "දැන් ඔයගොල්ලො මොකද කියන්නේ, මේ ගැන අපෙන් අධ්‍යක්ෂකතුමා වාර්තාවක් ඉල්ලුවා" ලෙස ප්‍රතිචාර බලාපොරොත්තු උණා.

අනවබෝධය නිසා මේ ප්‍රශ්ණයට උත්තරය ලෙස සෑම දෙනාම වගේ කිව්වෙ දින පහේ සතිය අපට අවශ්‍ය නැහැ කියල. හැම රෝහලකම වගේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් බොහොම සතුටින් ඒපිලිතුර කමිටුවට දන්වා එව්වා.
 මේ විදියට ලංකාවේ සෑම ප්‍රධාන රෝහලකින්ම තමන්ට හිතවත් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් හරහා දින පහේ සතියට විරුද්ධ වාර්තාවක් කමිටුව වෙත එවීමට රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමත් උණා. අනෙක හෙද සේවාවේ සියළු සංගම් වලින් මේ පිලිබඳව අදහස් ඉල්ලා තිබියදී යෝඡනාවට පක්ෂව කමිටුවට අදහස් ලබා දුන්නේ යෝඡනාව ඉදිරිපත් කල රඡයේ හෙද නිලධාරීන්ගේ සංගමය පමණයි.

හෙද සංගම් වලින් ලැබුණු අදහසුත් රෝහල් ප්‍රධානීන්ගෙන් ලැබුණු වාර්තාත් සලකා බැලූ කමිටුව නිකුත් කල වාර්තාව තමයි මේ.








එහි පලමු කරුණ ලෙසම දැක්වෙන්නෙ "අප දන්නා තරමට මෙම ඉල්ලීම කෙරෙහි සියළු වෘත්තීය සමිතිවල පොදු එකඟතාවයක් නොමැත" යනුවෙනි. ඒ රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රමුඛ යෝඡනාව පරාඡය කිරීමට වැඩකල සංගම්වල, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ ඡයග්‍රහණයයි. ඒ නිසා හෙද සේවාවේ එම ඉල්ලීම ඉවත දැමිණි.

හෙද සේවාවේ මෙම ඉල්ලීම දුටු රඡයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එය ඔවුන්ගේ ඉල්ලීමක් බවට පරිවර්තනය කර ගත්තේය. අද ඔවුන් එම ඉල්ලීම ඡයග්‍රහණය කරා ගෙනයමින් පවතී. අද බස්නාහිර පලාත ප්‍රමුඛ රෝහල් කිහිපයක වෛද්‍යවරුන් සඳහා දින පහේ සතිය නියාමක ව්‍යාපෘතියක් ලෙසට ක්‍රියාත්මක වෙමින් පවතී. අපි අපගේ ඉල්ලීම වෙනත් පිරිසක් ඡයග්‍රහණය කරනු බලමින් සුසුම්ලමින් සිටින්නෙමු.

හෙද සේවාව වෙතින්, මේ පාවාදීම හේතුවෙන් රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමයට විරුද්ධව නැගෙන විරෝධය සමනය කර ගනු වස් ඔවුන්ද දින පහේ සතිය ලබාදෙන ලෙස ඉල්ලමින් රඡයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමෙන් වසරකට පසුව සෞඛ්‍ය ලේකම් වෙත ලිපියක් යැව්වා.

එම ලිපිය




2011/07/19 දින යවන මෙම ලිපිය ලැබී දින 14ක් ඇතුලත සාධනීය පිලිතුරක් නොලද හොත් නැවත නොදන්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල හෙද කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් කර ගන්නා බවට විශාල තර්ඡනයක් එමගින් සිදුකොට තිබෙනවා. දැන් දින 14 පසුවී මාස දෙකකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. නමුත් ඒ වෙනුවෙන් කල කිසි දෙයක් නැත.

2010 ඡූලි මාසයේ රඡයේ හෙද නිලධාරීන්ගේ සංගමය දින පහේ සතිය ඉල්ලන විට රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඊට විරුද්ධ වූයේ සේවාවේ උග්‍ර හෙද හිඟයක් තිබෙන බව පවසමිනි. 2011 මැයි මාසයේ ඔවුන් එම ඉල්ලීමම කරන විට රටේ උග්‍ර හෙද හිඟය තුරන් වූයේ කෙසේදැයි ප්‍රශ්න කල යුතුව ඇත. නැවතත් 2011 ඔක්තෝබර් මාසය වන විට රටේ උග්‍ර හෙද හිඟයක් පවතින බව පවසමින් හෙද නිලධාරීන් විශ්‍රාම යන කාලය වසර 63ක් තෙක් දීර්ඝ කරන ලෙස ඉල්ලයි.

මෙලෙස එකකට එකක් නොගැලපෙන ඉල්ලීම් ඉදිරිපත් කරමින් සේවාවේ ඉල්ලීම් අයාලේ යන්නට හරින බව අප විසින් අවබෝධ කර ගත යුතුය.      

by nursekarapitiya

No comments:

Post a Comment