Monday, November 14, 2011

පොදු ජනතාව වෙනුවෙන් විශාල පරිත්‍යාගයක්‌ කළ මහර හේමලතා මාලනී ආරියරත්න අපේ කාලයේ විශාඛාවක්‌


ඇමැති මෛත්රිපාල සිරිසේන හේමාල්ස්තැලසීමියා සහන පියස විවෘත කරමින් කියයි
තියෙන වත්කම් රැකගැනීමටත් ඒවා තව තවත් තරකර ගැනීමටත් මිනිසුන් සිතන යුගයක රුපියල් මිලියන පන්සියයක්වටිනා දේපළක්රජයට පරිත්යාග කරන්න ඉදිරිපත් වූ යෝජනාව විශ්වාස කරන්නත් බැරි තරම් දෙයක් වුණා.
පොදු ජනතාව වෙනුවෙන් මෙවැනි විශාල පරිත්යාගයක්කළ මහර හේමලතා මාලනී ආරියරත්න මහත්මිය අපේ කාලයේ විශාඛාවක්යෑයි සෞඛ් අමාත් මෛත්රිපාල සිරිසේන මහතා පැවැසුවේය.
අමාත්යවරයා එසේ සඳහන් කළේ පසුගියදා මහර කඩවත අභිනවයෙන් ඉදිකළ හේමාල්ස්තැලසීමියා සහන පියස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
දිවයින පුරා තැලසීමියා රෝගයෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම හේමාල්ස්තැලසීමියා සහන පියස විවෘත කිරීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්රී වෛද් සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ, නියෝජ් ඇමැති ලසන්ත අලගියවන්න, අමාත් මර්වින් සිල්වා, කැලණිය විශ්වවිද්යාලයේ උපකුලපති සරත් අමුණුගම, මහාචාර්ය අනුජය ප්රේමවර්ධන, උතුරු කොළඹ මහ රෝහලේ අධ්යක්ෂතුමා, මහාචාර්ය ජනක සිල්වා, මහාචාර්ය රන්ජන් ප්රේමරත්න යන මහත්වරුන් ඇතුළු වෛද්, හෙද නිලධාරීන් ඇතුළු ප්රභූන් මෙන්ම තැලසීමියා රෝගය වෙනුවෙන් ප්රතිකාර ගන්නා ළමා හා වැඩිහිටි පුද්ගලයන් රැසක්මෙම උත්සවයට පැමිණ සිටියහ.
දිවයින පුරා තැලසීමියා රෝගයෙන් පීඩා විඳින දරු දැරියන් හා හේමාල්ස්තැලසීමියා පියසේ හෙදියන් සමඟ තැලසීමියා පියස පරිත්යාග කළ දානපතිනි මහර හේමලතා මාලනී ආරියරත්න මහත්මිය හා තැලසීමියා රෝගය පිළිබඳව වැඩසටහන් සම්බන්ධීකාරක ලක්ෂ්මන් පෙරේරා මහතා ඡායාරූපයට මුහුණදුන් අයුරු.
ඡායා-ධම්මික සල්වතුර

Divaina 2011.11.14



No comments:

Post a Comment