Thursday, November 10, 2011

ඉල්ලීම් 5ක් මුල්කරගෙන ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක්

අනුර පේ‍්‍රමලාල්
සේවක ඉල්ලීම් පහක් මුල්කරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක මුල් පියවර අද (9) දහවල් 12.00 ට කොළඹ 07, ලිප්ටන් වටරවුමේදී පැවැත්වෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය දන්වා සිටී.
එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමන් රත්නප්‍රිය මහතා ජනාධිපතිවරණ සමයේදී රජය පොරොන්දු වූ 2500 වැටුප් වැඩිවීම, හිඟ ජීවන වියදම් දීමනාව වන රුපියල් 3860, අග්‍රහාර රක්ෂණයෙන් රුපියල් ලක්ෂයක විශ්‍රාමික පාරිතෝෂිකයක් හා වැටුප් වර්ධක රුපියල් 150 දක්වා වැඩිකර ගැනීම යන ඉල්ලීම් ලබාගැනීම සඳහා මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන බව පැවැසීය.
.
dinamina November 09

No comments:

Post a Comment