Sunday, November 13, 2011

හෙද විදුහල්වල මූල්‍ය අක්‍රමිකතා

- හෙද සංගමයෙන් චෝදනා
තුෂාරී කළුබෝවිල
රට පුරා පිහිටි හෙද විදුහල්වල මහා පරිමාණයෙන් මූල්යමය අක්රමිකතා සිදුවන බව සමස් ලංකා හෙද සංගමය පවසයි.
හෙද විදුහල් 16 ක්ශ්රී ලංකාවේ පවතින අතර ඉන් කොළඹ හෙද විදුහලේ සිදුවන මහා පරිමාණ මූල් වංචාවන් අතිශයින්ම දරුණු බවත් එය හෙද ශිෂ් ශිෂ්යාවන්ට මහත් පීඩාකාරී තත්ත්වයක්බවත් සමස් ලංකා හෙද සංගමයේ සභාපති එස්‌. බී. මැදිවත්ත මහතා පැවසීය.
මහතා මේ බව ප්රකාශ කළේ 9 වැනිදා කොළඹදී පැවැති මාධ් හමුවකදීය.
ජාතික හා ජාත්යන්තරයට විශේෂිත වූ දිනවල හෙද විදුහලේ උත්සව සංවිධානය කරන ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් ශිෂ් ශිෂ්යාවන්ගෙන් මුදල් එකතු කරන අතර මහා පරිමාණ තුටු පඬුරු ලබා ගන්නා බව මැදිවත්ත මහතා කීවේය.
ඊට අමතරව වෙද නලා, රුධිර පීඩන මාන, පොත්පත් ඇතුළු නොයෙක්දේ වෙළෙඳ පළේ සාමාන් මිලට වඩා වැඩි මිල ගණන්වලට මෙම ශිෂ් ශිෂ්යාවන්ට අලෙවිකරන අතර ඒවා මිලදී ගැනීම අනිවාර්ය කර තිබෙන බවද සඳහන් කළේය.
විවිධ උත්සව අවස්ථාවලදී ගුරු මණ්ඩලයේ රුචිකත්වය සපුරමින් ආහාර සංග්රහයන්ද ලබා දිය යුතු අතර සඳහා ශිෂ් ශිෂ්යාවන්ට නිරතුරුව විශාල වශයෙන් මුදල් වැයකිරීමට සිදුව ඇතැයි හෙතෙම පැවසීය.
මෙම තත්ත්වය සරල තේ පැන් සංග්රහයක සිට රන් ආභරණ පිරිනැමීම දක්වා සංවිධානාත්මකව ක්රියාත්මක වන අතර ඊට හෙද විදුහල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සෘජුවම සම්බන්ධ බව මහතා කීවේය.
රජයේ නිලධාරීන්ට මෙසේ මුදල් එකතු කිරීම ආයතන සංග්රහයේ 47 යටතේ සපුරා තහනම් කර ඇති නමුත් ලි සාධක රහිතව දීර්ඝ කාලයක් තිස්සේ මෙම මූල් වංචාව හෙද පාලකයින් හා ගුරුවරුන් විසින් සිදුකරගෙන යන බවද හෙතෙම පැවසීය.
මුදල් එකතු කිරීම්වලට වචනයකින් හෝ විරුද්ධ වන ශිෂ් ශිෂ්යාවන් දැඩි ලෙස පීඩනයට පත් කිරීමටත්, ප්රායෝගික විභාගවලදී ඔවුන් අසමත් කිරීමටත් මෙම හෙද විදුහල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ක්රියාකරන බැවින් ශිෂ් ශිෂ්යාවන් කිසිදු විරෝධයක්මෙම ක්රියාවට නොදක්වන බවද මහතා පැහැදිලි කළේය.
මෙම සියලු ක්රියා රාජ් සේවා එක්සත් හෙද සංගමය දැනුවත්ව ක්රියාත්මක වන බවත් මෙම තත්ත්වය වහාම නවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.
සමස් ලංකා හෙද සංගමයේ ලේකම් සිසිර සේනාරත්න
2011.11.12 divaina


No comments:

Post a Comment