Tuesday, November 29, 2011

අපේ කාලයේ විශාඛාවට වෛද්‍යවරුන්ගෙන් බුහුමන්

රුපියල් කෝටි 35 ක්‌ පමණ වටිනා තම දේපළ සියල්ල රෝගී සත්කාරක ආයතනයක්‌ ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමට කටයුතු කළ අපේ කාලයේ විශාඛාවක වන මහර හේමලතා මාලනී ආරියරත්න මහත්මියට පෙරේදා (28 දා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ තිළිණයක්‌ පිරිනමනු ලැබීය.



සීමාවාසික වෛද්‍යවරුන් 850 කට අමාත්‍යවරයා අතින් මෙදින පත්වීම් ලිපි පිරිනැමුණු අතර එම අවස්‌ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම විශේෂ සමරු තිළිණය ඇයට පිරිනමනු ලැබීය.

ඇය විසින් පරිත්‍යාග කළ මහල් 03 කින් සමන්විත ගොඩනැඟිල්ල දැන් බස්‌නාහිර පළාතේ තැලසීමියා රෝගී දරුවන්ට ප්‍රතිකාර ලබාදෙන විශේෂ රෝහලක්‌ වශයෙන් සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත් අතර තැලසීමියා රෝගී දරුවෝ 300 ක්‌ මෙම රෝහලේ දැනට ප්‍රතිකාර ලබති.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා හේමලතා මාලනී ආරියරත්න මහත්මියට උපහාර පිරිනමන අයුරු මෙහි දැක්‌වේ. එම අවස්‌ථාවට සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌, වෛද්‍ය සමරකෝන් පියසේන සහ වැලිසර රෝහලේ අධ්‍යක්‍ෂ එස්‌. විඡේසූරිය, රාගම ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රෝයි පෙරේරා යන මහත්වරු ද සහභාගි වූහ.

Divaina 2011.11.30

No comments:

Post a Comment