Thursday, November 10, 2011

හෝප් පිළිකා රෝහලේ ඉදිකිරීම් යළි ඇරැඹෙයි

සිතාරා සේනානි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිකිරීමට සැලැසුම් කැර තිබූ දැනට ඉදිකිරීම් අතරමඟ නැවතී තිබෙන හෝප් පිළිකා රෝහලේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරිමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කැර ඇත.මේ රෝහලේ ඉදිකිරීම් අවසන් කිරීමට එංගලන්තයේ අහමඩ්ටි සමූහ ව්‍යාපාරය රුපියල් මිලියන 850ක මුදලක් ලබා දීමට තීරණය කැර තිබේ.
මේ මුදලට අමතරව රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 400ක් හා ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජයෙන් ලබා දීමට ද සැලැසුම් කැර තිබේ. මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා ඇමැති මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් අද දින ඉදිරිපත් කිරීමට නියමිතය. හෝප් පිළිකා රෝහල් ව්‍යාපෘතියට වැය වෙතැයි ඇස්තමේන්තු කැර ඇති මුදල රුපියල් මිලියන 1,450කි. මේ රෝහල මහරගම ජාතික පිළිකා ආයතනය අසල ඉදි කැරේ.
.dinamina November 09

No comments:

Post a Comment