Thursday, November 3, 2011

රෝහල් සුළු සේවිකාවන්ට ඕවර්සියර්ලාගෙන් අයුතු බලපෑම්

අජිත් අලහකෝන්
ඇතැම් වැඩ පරීක්ෂකවරුන් (ඕවර්සියර්) විසින් බලහත්කාරයෙන් තමන්ව ලිංගික ගොදුරු බවට පත්කර ගන්නා බව රෝහල් සුළු සේවිකාවන් කිහිප දෙනක්විසින් සෞඛ් අමාත්යාංශයට පැමිණිලි කර ඇත.
කොළඹ දිස්ත්රික්කයේ රෝහල් දෙකකින් මේ වනවිටත් අමාත්යාංශයට පැමිණිලි දෙකක්ලැබී ඇතැයිද ඇතැම් සුළු සේවිකාවන් ලිඛිතව පැමිණිලි කිරීමට තිබෙන බිය නිසා දුරකථන ඇමතුම් මගින් මේ කරුණු දැනුම් දෙන බවද සෞඛ් අමාත්යාංශයේ ප්රකාශකයෙක්කීවේය.කොළඹ දිස්ත්රික්කයේ එක්තරා රෝහලක සුළු සේවිකාවකට කළ අයුතු යෝජනාවක්ප්රතික්ෂේප කිරීම නිසා අදාළ පුද්ගලයා ඇය මෘත ශරීරාගාරයේ සේවයට යොදවා ඇති බවට පැමිණිල්ලක්ලැබී ඇතැයිද ඉහත ප්රකාශකයා කීය.
මෙම මෘත ශරීරාගාරයේ සිට තවත් සුළු සේවකයන් දෙදෙනකු මෙම සේවිකාව මෘත ශරීරාගාරය තුළ සිටියදී එහි දොර වසා නරක්වූ මළ සිරුරක්ඔසවන්නට ඔවුන්ට සහාය වන්නැයි නියෝග කර ඇත. මට බෑ... මට බයයි" කියා ඇය කියද්දී තොට යන්න දෙන්නේ නැහැ..." යෑයි කියමින් එම සේවකයන් දෙදෙනා ඇයට තර්ජනය කර ඇත. ඉන්පසු ඇය මළ සිරුර ඔසවන්නට සූදානම් වෙද්දී සිහිනැතිව වැටී ඇතැයිද යළි සිහිය ලබද්දී ඇය නිරුවත්ව සිටි බවද මෙම සුළු සේවිකාවගේ සහෝදරයා විසින් අමාත්යාංශයට පැමිණිලි කර ඇත.
තවත් රෝහලක සුළු සේවිකාවන් දෙදෙනකුට වැඩ පරීක්ෂකවරුන් අතවර කිරීමට සූදානම් වෙද්දී ඔවුන් ඊට එරෙහිවී ඇත. පසුව වැඩ පරීක්ෂකවරුන් තමන්ගෙන් පළිගැනීමට කටයුතු කළ නිසා රැකියාවෙන් ඉවත්ව ගිය බවට ඔවුන් පැමිණිලි කර තිබේ.
මෙවන් පැමිණිලි දිවයිනේ රෝහල් කිහිපයකින්ම ලැබී ඇතැයි කී ඉහත ප්රකාශකයා මීට පිළියමක්ලෙස කාන්තා වැඩ පරීක්ෂකවරුන් බඳවා ගැනීමට සෞඛ් ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා උපදෙස්දී ඇතැයි කීය. අනුව ලබන වසරේ සිට රෝහල් සුළු සේවිකාවන් අධීක්ෂණයට කාන්තා වැඩ පරීක්ෂකවරුන් බඳවා ගන්නා බව කී ඉහත ප්රකාශකයා ඊට අමතරව පෙර දැනුම් දීමකින් තොරව රාත්රි කාලයේදී රෝහල් පරීක්ෂා කිරීම සඳහා පහළොස්දෙනෙකුගෙන් යුත් කඩා පනින හමුදාවක්පත් කිරීමට අතිරේක ලේකම් වෛද් පාලිත මහීරත්න මහතා තීරණය කර ඇතැයි සෞඛ් අමාත්යාංශ ප්රකාශකයා වැඩිදුරටත් කීවේය.

divaina/2011/11/03


No comments:

Post a Comment