Thursday, November 3, 2011

නීතිය අතට ගත් අයට වැඩ වරදියි

කරන්දෙණිය ගිනි තැබූ කලහකාරීන් ගැන සොයයි
කරන්දෙණියට-අහුන්ගල්ලට යළි පොලිස්ඇඳිරි නීතිය
හේමන්ත රන්දුණු සහ අමල් ප්රියංකර
කරන්දෙණිය රෝහලේ වෛද් ප්රියංක ප්රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක්වටිනා දේපළවලට පහරදී ගිනි තබා විනාශ කර ප්රදේශයේ කලබලකාරී තත්ත්වයක්ඇති කිරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දැවැන්ත මෙහෙයුමක්ආරම්භ කර ඇත.
මෙම විනාශය සිදු කිරීමට නායකත්වය දුන් ප්රධාන සැකකරුවන් 20 දෙනකු මේ වනවිට හඳුනා ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට ප්රදේශයේ අතහැර පලා ගොස්ඇති බව වාර්තා වෙයි.
දකුණු පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ් පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආරම්භ කර ඇති පොලිස්මෙහෙයුම සඳහා විශේෂ පොලිස්කණ්ඩායම් 4 ක්යොදවා ඇත.
මේ අතර පෙරේදා (01 වැනිදා) රාත්රි පොලිස්ඇඳිරිනීතිය පවතිද්දී කිසියම් ප්රහාරයක්සඳහා පෙට්රල් බෝම්බ කීපයක් රැගෙන යමින් සිටි පුද්ගලයන් 8 දෙනකු පොලිස්අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා පෙරවරුවේ සිට කරන්දෙණිය නගරයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස්පාලනය කර ගැනීමට පොලිසිය සහ පොලිස්විශේෂකාර්ය බළකාය දැඩි වෙහෙසක්ගත්තද එය ක්රියාත්මක කිරීමට නොහැකි විය. පසුව පොලිස්ඇඳිරිනීතිය පනවා ඇති වී තිබූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කළේය.
වෛද්යවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදීමට කටයුතු කරමින් සිටියදී නීතිය සියතට ගෙන මේ ආකාරයට කලහකාරී ලෙස හැසිරීමට කිසිම පුද්ගලයකුට ඉඩ දිය නොහැකි බව දකුණු පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ් පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පවසයි.
ආකාරයට නීතිය කඩ කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව කටයුතු කිරීමට පොලිසියට උපදෙස්දුන් බව ජ්යෙෂ්ඨ නියෝජ් පොලිස්පතිවරයා කියා සිටියේය.
කරන්දෙණියේ වෛද්යවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කරන්දෙණිය "චැනල් සෙන්ටර්" හිමිකරුට අයත් සුවිසල් නිවසක්සහ හමුදා කපිතාන්වරයාට අයත් නිවස ඇතුළු තවත් දේපළ රැසක්කලහකාරී පිරිස්විසින් පෙරේදා ගිනි තබා විනාශ කරන ලදී. එහිදී සිදුවී ඇති අලාභය රුපියල් කෝටි ගණනක්බව පොලිසිය පවසයි.

divaina/2011/11/03


No comments:

Post a Comment