Thursday, November 10, 2011

අමාත්යාං ශය රවටන දොස්‌තර තුන් වතාවක්‌ම දැලෙන් රිංගලා!

ඒමන්ති මාරඹේ
විදේශගත වන බව පවසමින් මාස හයක වැටුප් රහිත නිවාඩු ලබා තවමත් මෙරට සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන විදේශීය උපාධිධාරි වෛද්‍යවරයාට එරෙහිව ලැබී තිබූ පැමිණිලි මත අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඔහුව තුන් වතාවක්‌ කොටුකර ගෙන ඇතත් එම සෑම අවස්‌ථාවකදීම ඉහළ නිලධාරියෙකුගේ බලපෑමෙන් එම වෛද්‍යවරයා බේරී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

2008, 2009
හා 2010 වසරවලදී අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මෙම වෛද්‍යවරයාව කොටුකර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණීමට පෙර කොළඹ ප්‍රධාන පෙළේ ශික්‍ෂණ රෝහලක සේවය කර ඇති මෙම වෛද්‍යවරයාට එරෙහිව මෙතෙක්‌ විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඉහළ බලපෑම් හේතුවෙන් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට නොහැකි වී ඇතැයි එම ආරංචි මාර්ග කීවේය.
මෙකී වෛද්‍යවරයා 2007 වසරේ සිට අමාත්‍යාංශයට සම්බන්ධ වී කටයුතු කරන අතර ඔහු වෛද්‍ය සේවයේ යෙදී ඇති වසර 10 ක කාලයක්‌ තුළ නිසි පරිදි සේවයට වාර්තා නොකර, එම නොපැමිණි කාල සීමාව සඳහාද පූර්ණ කාලීන වැටුප් ලබාගෙන තිබේ. ඒ අතරම විදේශීය රටවලට යැමෙන් ඇමරිකානු ඩොලර් දහස්‌ ගණනක්‌ උපයා ගෙන ඇති බවද වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධරයින් මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය දැන සිටියද ඔහුට එරෙහිව කිසිදු පියවරක්‌ නොගැනීම පිළිබඳව අමාත්‍යාංශ සේවකයෝ විමතිය පළ කරති


divaina/2011/11/10


No comments:

Post a Comment