Friday, November 4, 2011

නීතිය පාදඩකරණය කිරීම

නිරෝෂන් හැඳලගේ
කරන්දෙණිය රෝහලේ වෛද්යවරයකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමඟ පසුගිය අඟහරුවාදා කරන්දෙණිය ප්රදේශය යුද පිටියක්බවට පත්වූ පුවත තවමත් උණුසුම්ය. දින දෙකක්පුරා පොලිස්ඇඳිරිනීතිය පනවා ප්රදේශයේ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසියට සිදුවිය.
පොලිසියකට පාලනය කරගැනීමට නොහැකි පමණට ජනතාව කලහකාරී වනුයේ ඇයි යන්න මේ ප්රවෘත්තිය ඇසුරින් ප්රශ්න නඟන්නට අපට සිදුවෙයි. එක්අතකින් එය ජනතාව නීතිය අතට ගැනීමකි. ජනතාව නීතිය අතට ගන්නේ ඇයි? යනුවෙන් ප්රශ්නයක්නඟන්නට අපට සිදුවෙයි. රටේ පොලිසියක්, අධිකරණ පද්ධතියක්තිබේ නම් ජනතාව විසින් නීතිය අතට ගන්නේ නීතිය රකින ආයතනවල කොතැන හෝ හිඩැසක්ඇති නිසා බවය අපට පැහැදිලි වන්නේ.
රටේ මෙතෙක්සිදුවූ අපරාධ දූෂණ වංචා සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්රියාත්මක වී නම් අතැඟිලි තරම් ප්රමාණයකි. ජනතාව දොම්පේ පොලිසිය ගිනි තැබුවෙත් ලුනාව පොලිසියට ගල් මුල් ප්රහාර එල්ල කළේත් නීතිය රැකිය යුතු තැන්වල අවනීතියම රජ කරන්නට වීම නිසා බව කවුරුත් දනිති.
රටේ ජනතාව අතර නීතිය පිළිබඳ අදහස මෙබඳු තත්ත්වයක තිබියදී ආණ්ඩුව රටේ නීතිය කාටත් එකලෙස ක්රියාත්මක යෑයි පෙන්වීමට ගන්නා උත්සාහයක් පසුගියදා වාර්තා විය. විශ්රාමික විනිසුරුවරුන් කළ කටයුතු සොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්පත් කිරීමය . මෙයින් ආණ්ඩුව කොයි තරම් නීතිගරුක දැයි පෙන්වීමට උත්සාහ කරනවාද යත් නීතියට අදාළ ක්ෂේත්රයකින්ම කටයුත්ත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. එහෙත් ආණ්ඩුව නොදන්නවාට කවුරුත් දන්නා සරලම කාරණය නම් මේ ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් කතා කරන හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා කොටුකිරීමේ ආණ්ඩුවේ ලුම්පන් (පාදඩකරණ) උත්සාහයකි.
මේ රටේ දේශපාලන බලාධිකාරීන් සිතන්නේ අගවිනිසුරු, නීතිපති තමන්ගේ පෞද්ගලික නීති උපදේශකයන් බවය. රටේ විධායකයට හා ව්යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට එකිනෙකට ස්වාධීන වූ බලතල ඇති බව ඔවුන්ගේ නීති පොත්වල නැත. දේශපාලකයන්ට ඕනෑ පරිදි නීතිය අර්ථකථනය නොකරන විනිසුරුවරුන්ට සිදුවන්නේ ඉතා ඉක්මනින්ම විශ්රාම සුව විඳීමටය. එසේත් නැතිනම් නීතිපොත වසා දමා විධායක බලතල ඇතුළත් පොතෙන් නීතිය කියවා ගැනීමය.
ශ්රී ලංකාවේ නීතිය මෙසේ දේශපාලන පාදඩකරණයට යටත් කිරීමේ මුල් පියවර තැබුවේ හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන බව කීමේ වරදක්නැත. 1978 හඳුන්වා දුන් ඡේ. ආර්. ගේ ව්යවස්ථාව ලංකාවේ ව්යවස්ථා නීතිය විනාශ කර දැමුවේය. ප්රජාතන්ත්රවාදී මූලධර්ම අමු අමුවේ කෙළසමින් අධිකරණයට ඉහළින් සිටින විධායක ජනාධිපතිවරයකු පත් කිරීමෙන් රටේ නීතිය ඉතා නින්දිත ලෙස බාල්දු කිරීමට ජනාධිපති ජයවර්ධන පියවර ගත්තේය. ජයවර්ධන මුළුදුන් මහා ව්යසනයේ බරපතළ ප්රතිඵල අද මේ රට අත්විඳිමින් සිටී. රටේ නීතිය අවනීතිය වී ඇති විට ජනතාව නීතියට අර්ථකථන සපයන්නේ දතට දතක්- ඇසට ඇසක්කියන නීති පදනම් මත රැඳෙමිනි.
හිටපු අගවිනිසුරු සරත් සිල්වා පසුගිය 30 වැනිදා වහ වහා ප්රවෘත්ති සාකච්ඡාවක්කැඳවීය. එහිදී ඔහු කියා සිටියේ විශ්රාමික විනිසුරුවරුන් කළ කටයුතු සොයන්න තේරීම් කාරක සභාවක්පත්කළ නොහැකි බවය. මෙය ප්රජාතන්ත්රවාදයට පටහැනි බවත් විනිසුරුවරුන් වහලුන් බවට පත් කිරීමේ උත්සාහයක්බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුව මෙබඳු පියවරකට එළඹීම රටේ නීතිය හා අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කිරීමක්බව සරත් සිල්වා අපට අමුතුවෙන් පහදා දිය යුතු නැත. එක්අතකට අගවිනිසුරුවරයා ලෙස තමන්ගේ ධුර කාලයේ දී නීතිය වල් වදිද්දී පහළ නොවූ මහා කරුණාවක්සරත් සිල්වා මහතාට මේ හදිසියේ පහළ වීම දෛවයේ සරදමකි. යම් විනිසුරුවරයකු විශ්රාම ගිය පසු කළ වරදක්සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීම සාමාන් තත්ත්වයක්වුව විනිසුරුවරුන් විශ්රාම ගිය පසු සේවය කළ කාලය තුළ කළ ක්රියා ගැන සොයාබැලීමට යැම දැනට අධිකරණ ක්ෂේත්රයේ කටයුතු කරන විනිසුqරුවරුන් පිළිබඳ ජනතාව තුළ අනවබෝධයක්ඇති කිරීමට හේතුවක් වනු ඇත. එපමණක් නොව මෙය විනිසුරුවරුන්ට සිය ධුරකාලයේදී ස්වාධීනව කටයුතු කිරීමට ඇති සියලු ඉඩකඩ අහුරා පටු දේශපාලනික අරමුණු අරබයා නීතිය වෛශ්යා වෘත්තියේ යොදවා තමන්ගේ මතයට විරුද්ධ වන විට පළිගැනීමේ ෙච්තනාවෙන් ගන්නා පියවරක් වෙයි.
හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතාගේ ධුර කාලයේ ක්රියා කලාපය පිළිබඳ අපට පැහැදිලි චිත්රයක්නැත. තම හිතවතුන් ආරක්ෂා කරනුවස්නීතිය තමන්ට වුවමනා පරිදි භාවිත කළ අවස්ථාත් විනිසුරුවරයකුට නොගැලපෙන සබඳතා පැවැත්වූ අයුරුත් අදටත් මේ රටේ ප්රසිද්ධ ජනමාධ් ඔස්සේ වාර්තා වෙයි. අනෙක්කාරණය නම් තමන් නිවැරදි නම් තේරීම් කාරක සභාවලටබිය නොවී මෙය තමන්ගේ පිරිසිදු බව ඔප්පු කිරීමට අවස්ථාවක්කරගත හැකිය. එහෙත් මේ රටේ අද සිදුවන දේවල් දෙස බලන විට සරත් එන්. සිල්වාට සරත් µdන්සේකාට අත්වූ ඉරණම අත්නොවේ යෑයි කිව හැක්කේ කාටද?
හේතුව රටේ නීතිය දේශපාලන පාදඩකරණයට යටව ඇති නිසාය. එහෙයින් "සරත් කෙනෙක්වුවත් µdන්සේකා කෙනකු වී නොසිටීමට නම්" හිටපු අගවිනිසුරුවරයා කළ යුත්තේ එකම දෙයකි. වහාම ආණ්ඩුව වෙනුවෙන් ප්රශස්ති ගායනා කිරීමට සූදානම් වීමය. එසේ කළහොත් ආණ්ඩුවේ ඉහළ පුද්ගලයකුගේ ඉහළම උපදේශකයකු විය හැක. එපමණක් නොව සෑම සති අන්තයකම රූපවාහිනි තිරයේ පෙනී සිටිමින් "රටකට නීතියක් අවශ් වන්නේ ඇයි දැයි" ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව උදාකරගෙන ජනප්රිය රූපවාහිනී දේශකයකු විය හැක.
එහෙයින් දැන් සරත් එන්. සිල්වා මහතා තෝරාගත යුත්තේ රැල්ල වදින පැත්තට පහසුවෙන් පීනනවා නැතිනම් රැල්ලට විරුද්ධ පැත්තට අපහසුවෙන් පීනනවා කියාය. දැනටමත් ඉතා අපහසුවෙන් රැල්ලට විරුද්ධ පැත්තට පීනන සරත් එන් සිල්වාට කරන්නට ඇත්තේ එතරම් වෙහෙසක්නොදරා පිහිනන පැත්ත වෙනස්කිරීම පමණය. එසේ රැල්ලට පිහිනා ගිය හිටපු අගවිනිසුරුවරයෙක්සුවබර විශ්රාම දිවියක් සමඟ ආණ්ඩුවේ ඉහළම පුටුවකට උපදෙස්දෙන බව සරත් නන්ද සිල්වා නොදන්නවා විය නොහැක. එය දේශපාලන බලාධිකාරියට අගවිනිසුරු ධුරයේ කටයුතු කරන විට ලබාදුන් සහයෝගයට පෙරළා ලැබුණු තුටු පඬුරකැයි කවුරුත් කියන්නේ නැත. එසේ කීමට හෝ සිතීමට තරම් නීතියේ හෝ අධිකරණයේ ස්වාධීනත්වය ගැන දැනුවත් සමාජයක්ශ්රී ලංකාවේ නැත. එබඳු තත්ත්වයක්තිබියදී සරත් එන් සිල්වා මහතා නිකරුණේ වද විඳිය යුත්තේ නැත.
හිටපු අගවිනිසුරුවරයා පිළිබඳ කාරණය පසෙකින් තබා විශ්රාමික විනිසුරුන් සම්බන්ධයෙන් මෙබඳු තේරීම් කාරක සභාවක්ගෙන ඒමේ ආණ්ඩුවේ වුවමනාව කුමක්දැයි වැඩිදුරටත් සාකච්ඡා කළ යුතුය. විශ්රාම ගිය පසු සොයා බලනවා යෑයි කියන්නේ විශ්රාම යැමට පෙර කටයුතු කළ යුත්තේ කෙසේ දැයි කියා දීමය. එසේම මෙබඳු පියවරක්ගැනීමෙන් ආණ්ඩුව නොකියා කියන්නේ අධිකරණ ක්ෂේත්රය දූෂිත වී ඇති බවය. අධිකරණ ක්ෂේත්රයට විනිසුරන් පත් කරනුයේ දේශපාලන බලාධිකාරිය විසින්ය. එසේ නම් අවසාන වශයෙන් ගම් වන්නේ දූෂිත පත්කිරීම් කරන්නේ දූෂිත බලාධිකාරියක්විසින් බවය. එහෙත් විශ්රාම ගිය විනිසුරුවරුන් කළ කටයුතු සොයා බලන්නට තේරීම් කාරක සභා පත්කරන්ට උත්සාහ කරන දේශපාලන බලාධිකාරිය විශ්රාම ගිය විනිසුරුවරයකු ඉහළ පෙළ දේශපාලන තනතුරක උපදේශකයකු වීමේ සදාචාරය කුමක්දැයි සොයා බැලීමට වෙනම තේරීම් කාරක සභාවක්පත් කළ යුතුය. "වැල යන අතට මැස් ගැසිය යුතු" යෑයි කතාවක්ඇතත් වැල බර වූ කල මැස් කඩා වැටෙන බව කවුරුත් තේරුම් ගත යුතුව තිබේ.
රටේ නීති පද්ධතිය, අධිකරණ ක්ෂේත්රය කෙළින් සිටුවා තැබීමට ආණ්ඩුවට ඇත්තේ සැබෑ වුවමනාවක්නම් කළයුතු දේ අපමණය. හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුවට අවස්ථාවේ හිස නැමුවේ නම් අද තමන් හෙජින් උගුලේ හිර නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. උතුරත් නැගෙනහිරත් වෙන් කළ යුතු බවට දුන් අධිකරණ තීන්දුව හිස්මුදුනින් පිළිගත්තා සේ හෙජින් පිළිබඳ තීන්දුවත් පිළිගත්තා නම් අද හෙජින් නඩුවලට වැය වන කෝටි ගණනක මුදල ජනතාවගේ සුභසිද්ධියට යෙදවීමට හැකිවනු ඇත.
නීතියේ සර්ව සාධාරණත්වය ගැන සුජාතව පෙනී සිටීමට උත්සාහ ගන්නා මේ ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ජ්යෙෂ්ඨ උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ක්රියාත්මක කරන්නේ අරුම පුදුම නීතියකි. මේ අපරාධයට වගකිවයුත්තේ කවුරුන් දැයි පැහැදිලිව සාක්ෂි ඇතිව හෙළිදරව් වී තිබියදීත් සම්බන්ධයෙන් සාධාරණ අධිකරණ ක්රියාමාර්ගයකට ඉඩ නොදී විශ්රාමික විනිසුරුන් කළ දේවල් සොයන්නට යැම අපට පෙනෙන්නේ වීදුරු ගෙවල්වල හිඳ ගල් ගැසීමට තරම් ආණ්ඩුව අමනෝඥ වී ඇති බවයි. භාරතගේ ඝාතනයත් සමඟ නීතිය දේශපාලන පාදඩකරණයට නතුවීමේ තවත් අන්තයක් හෙළිදරව් විය. ඉතා බරපතළ ලෙස දේශපාලන රැකවරණ ලබමින් රටේ නීතිය හා ඔට්ටු සෙල්ලම් කළ මහා පරිමාණ මත්ද්රව් ජාවාරමක තතු හෙළිදරව් වීමය. දේශපාලනඥයන් හා අපරාධකරුවන් අතර සම්බන්ධය සාමාන් දේශපාලන ස්වභාවයකැයි සිතා අස්වැසිය හැකි වුවත් දේශපාලකයකුගේ රැකවරණය ලබමින් මහා පරිමාණයෙන් මත්ද්රව් ජාවාරම් සිදුවූයේ කෙසේද යන්න භාරතගේ ඝාතනයත් සමඟ රටට හෙළිදරව් විය. කනගාටුවට කාරණය නම් නීතියට හෝ අත පෙවිය නොහැකි තරමින් රටේ දේශපාලන බලාධිකාරියේ ඉහළම තැනක ආශිර්වාද ලබන්නකුගේ අනුදැනුම මත මේ ජාවාරම ක්රියාත්මක වීමය. නීතිය කොයි තරම් පාදඩකරණය වී ඇත්ද යත් මෙපමණ තොරතුරු හෙළිදරව් වී තිබියදීත් වගකිවයුතු කිසිවෙක්අත්අඩංගුවට ගෙන දඬුවම් නොදීමය. දඬුවම් දීම කෙසේ වුවත් අත්අඩංගුවට පත් මත්කුඩු අපරාධකරුවකුගේ නම මාධ්යයට හෙළිදරව් කළ ඉහළ පොලිස් නිලධාරියකුට සිදුවූයේ ස්ථාන මාරු ලබා අදාළ පරීක්ෂණ කටයුතුවලින් පවා ඉවත්වීමටය. මහ දවල් අපරාධයක සුලමුල සොයා ගන්නා පොලිස්නිලධාරියකුට අත්වන්නේ මෙබඳු ඉරණමක්නම් ජනතාව පොලිසි ගිනි තැබීම පමණක්නොව ඩෝසර් කර දැමුවත් කවර කතාද?
මේ අනුව අවසාන වශයෙන් පැහැදිලි වන්නේ විශ්රාමික විනිසුරුවරුන් කටයුතු කළ අයුරු සොයා බැලීමට ආණ්ඩුව පත්කරන්නට උත්සාහ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පෞද්ගලිකත්වය කේන්ද්රගතව ක්රියාත්මක වන්නක්බවය. නමුත් එබඳු ක්රියාමාර්ගයකින් නීතියේ අධිපතිත්වය දරන පුද්ගලයන් යම් ආකාරයකින් නීතිය කෙලසන කාර්යක නිරතවී ඇත්නම් ගැන සොයා බලා නීතියේ ගෞරවය ආරක්ෂා කළ හැකි වේ නම් එය නිශ්ප්රයෝජනවත් වන්නේ නොවේ. සමඟම රාජ් ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් හෙළිදරව් කළ තොරතුරු අනුව අදාළ වරදකරුවන්ට තරා තිරම නොබලා දඬුවම් කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුය.
අතරම මේ රටට කොඩිවිනයක්බවට පත්වූ විධායක ජනාධිපතිවරුන් කටයුතු කළ ආකාරය ගැන සොයා බලා කටයුතු කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්පත් කළ හැකි නම් එය රටේ අනාගතයට යහපතක් වන්නේය.
Divaina - 2011/11/03

No comments:

Post a Comment