Saturday, February 18, 2012

සේවක වැටුප් ඉහළ නංවන්න - රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

2012 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා, 16:02



ජිවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් වහා සේවක වැටුප් ඉහළ නංවන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය දා ඉහළ නැංවූ ඉන්ධන මිල හේතුවෙන් ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, ඖෂධ, ප්‍රවාහන ගාස්තු, විදුලි බිල හා ඉහළ නැංවීමට නියමිත ජල හා ගෑස් බිල් ද සේවක ප්‍රජාවට දරාගත නොහැකි බව සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ
සඳහන් කරති.

රාජ්‍ය සේවක වැටුප් මෑතක දී සංශෝධනය නොකිරීමෙන් වර්තමාන ජීවන වියදම දරා ගැනිමට නොහැකි බරපතල තත්ත්වයකට පත් ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දුන් හ.

වර්තමානයේ ලබන වැටුප අවම වශයෙන් 42% කින් වැඩි වන අන්දමින් වැටුප් ක්‍රමය සකස් කිරීමට නිර්දේශ කරන මෙන් ද නිර්දේශ ලැබෙන තෙක් රාජ්‍ය සේවකයින්ට විශේෂ දිමනාවක් ලබා දෙන ලෙස ද සංගමය රජයට යෝජනා කරයි.

asianmirror.lk

No comments:

Post a Comment