Wednesday, February 8, 2012

වෛද්‍ය අධිකාරීවරයා සහ පවුලේ සාමාජිකයින් රොහල්ගත කරයි

2012-02-08
සෙවනගල රෝහලේ වෛද් අධිකාරි චමින්ද විතාන මහතා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ(07) මොවුන් රෝහල්ගත කළ බව ජාතික රෝහලේ ප්රකාශකයෙකු පැවසුවේය. වෛද් පරීක්ෂණයක් සඳහා වෛද් අධිකාරිවරයා සහ පවුලේ සාමාජිකයින් රෝහල් ගත කර ඇති බව සඳහන්ය. විෂ වර්ගයක් ඔවුන්ට ශරීරගත වී ඇත් යන්න සහ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සෙවනගල රෝහලේ වෛද් අධිකාරි චමින්ද විතාන මහතාගේ නිවසේ ජල ටැංකියට වස දැමීමක් සම්බන්ධයෙන් පසුගිය දා වාර්තා විය. එම රෝහලේම සුළු සේවකයෙකු විසින් වස දැමීම සිදු කර ඇති බව වැඩිදුර පරීක්ෂණයේ දී අනාවරණය විය.

පිළිබඳ එම රෝහලේ සේවකයා විසින් පවසා ඇති අතර එය රෝහලේ තවත් ද්යවරයෙකුගේ අනුදැනුම මත සිදුකළ බවට අදාළ සුළු සේවකයා පවසා ඇති බව වාර්තා විය. සිද්ධිය අනාවරණය වීමත් සමඟ සිද්ධියට අදාළ වෛද්යවරයා අතුරුදන්ව ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් රෝහලේ සේවකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
elakolla.com

No comments:

Post a Comment