Friday, February 10, 2012

ජාතික රෝහලේ වැඩබලන අධ්යරක්ෂු නැති අවස්‌ථාවල පරිපාලන නිලධාරියකු නොමැතිවීමෙන් ගැටලු මතුවේ - වෛදවරු පවසති

ඒමන්ති මාරඹේ

කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්යෂක්ෂොවරිය හදිසියේ විදේශගතවූ හෝ නිවාඩු ලැබූ අවස්‌ථාවලදී අධ්යධක්ෂස ධුරයෙහි රාජකාරි කටයුතු කිරීම සඳහා නිසි වෛද්යව පරිපාලන නිලධාරියකු පත් කිරීමට සෞඛ්යක බලධාරීන් කටයුතු නොකිරීම නිසා මෙරට මෙන්ම ආසියාවේද විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ පරිපාලන කටයුතු එවැනි අවස්‌ථාවලදී බිඳවැටෙන බව රෝහල් වෛද්යරවරු පවසති.

ඉකුත් සති දෙක තුළදී රෝහල් වැඩබලන අධ්යෝක්ෂ වරිය විදේශගතව සිටි අවස්‌ථාවේදී රෝහලේ පරිපාලන කටයුතු කරගෙන යැම සඳහා කිසිවකු පත්කර නොතිබූ බව පෙන්වා දෙන එම වෛද්යනවරු දින ගණනාවක්‌ම රෝහලේ පරිපාලන කටයුතු බිඳ වැටී තිබීම නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යකක්ෂප වෛද්යබ ප්ර සාද් ආරියවංශ මහතා ස්‌වෙච්ඡාවෙන්ම රෝහල් අධ්යුක්ෂප ධුරයෙහි රාජකාරි කටයුතු භාර ගැනීමෙන් පසුව එම තත්ත්වය මඟහරවා ගත හැකි වූ බව අවධාරණය කර සිටිති.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය දිනපතා විශාල රෝගීන් පිරිසකට ප්රරතිකාර ලබා දෙන අංශයක්‌ වීම නිසා එම අංශයේ මෙන්ම විකලාංග අංශයේද අධ්ය‍ක්ෂදවරයා වශයෙන් කටයුතු කරනු ලබන වෛද්යි ආරියවංශ මහතා හට සමස්‌ත රෝහලේම පරිපාලන කටයුතු කරගෙන යැම අසීරු කාර්යයක්‌ බව මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ කොළඹ ජාතික රෝහලේ ජ්යෙනෂ්ඨ වෛද්යසවරයකු "දිවයින" ට පැවැසීය.

ඇඳන් 3000 ක්‌ කින් පමණ සමන්විත මෙරට මෙන්ම ආසියාවේද විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට හා සායනවලට දිනපතා රෝගීන් 2800 ක්‌ පමණ ප්රතතිකාර සඳහා පැමිණෙන අතර, සැත්කම් 300 ක්‌ පමණ රෝහල තුළ සිදු කෙරෙන බව පෙන්වා දුන් එම ජ්යෙ ෂ්ඨ වෛද්ය්වරයා මෙවැනි රෝහලක පරිපාලන කටයුතු බිඳ නොවැටී අඛණ්‌ඩව පවත්වාගෙන යැම පිළිබඳ සෞඛ්යෙ අමාත්යාං0ශයේ දැඩි අවධානය යොමු විය යුතු බව අවධාරණය කළේය.

මෙයට පෙර සිටි ජාතික රෝහලේ අධ්ය ක්ෂයවරුන් විදේශගතවූ හෝ නිවාඩු ලැබූ අවස්‌ථාවලදී රෝහලේ නියෝජ්ය අධ්ය්ක්ෂ වරයා එම ධුරයේ කටයුතු ආවරණය කළද වර්තමානයේ එවැනි තත්aත්වයක්‌ දක්‌නට නොලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

divaina 2012.02.10

No comments:

Post a Comment