Saturday, February 11, 2012

සැත්කම්වල දී පටක ඈත්කිරීම සඳහා වඩාත් දියුණු උපකරණයක් නිපදවූ වෛද්ය වරයා

2012 පෙබරවාරි 12 වෙනි ඉරිදා, 00:23
පීටර් කැනියුට් පෙරේරා
වැදුම්: 99


2010 වසරේ හොඳම නව නිපැයුම ලෙස ජනාධිපති සම්මානය දිනූ විශේෂඥ වෛද්ය් එස්. ජේ. බි. ලෙනදොර
• ඉස්කො‍ලේ යන කා‍ලේ ගුරුවරු සමග තර්ක කරලා පන්තියෙන් එළියට දැම්මා.
• කුඩා කල මුළු ගමටම රේඩියෝ් බාස් උනේ ඔහුයි.
• විදුලිය නොතිබුණු කාලයේ කාර්මික වැඩවලදී පෑස්සුම් කළේ ‍පොල්කටු අඟුරුවලින් තඹ කම්බි රත් කරලා.
• වෛද්ය වරයෙකු ලෙස නාවික හමුදාවට බැඳුණු ඔහු ඉලක්කයට වෙඩි තැබිමේ ශූරයෙක්.
• කිසිදු හානිදායක බවක් නැති මේ උපකරණය පැරණි උපකරණවලට වඩා කාර්යක්ෂමයි.
• යුරෝපා රටවල භාවිතය සඳහා දැනටමත් අවසර ලැබිලා.
• නව උපකරණය ලොව පුරා ප්රනචලිත කිරීම මීළඟ අපේක්ෂාවයි.
සමුපකාර සංවර්ධන නිලධාරියෙකු වූ මාත‍ලේ ලෙනදොර, ටී. බි. ලෙනදොර මහතාගේ වැඩිමහල් දරුවාවූ ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර පාසල් වියේදී ඉගෙනීමේ කටයුතුවලට වඩා සැලකිල්ලක් දැක්වූයේ කාර්මික කටයුතු සඳහායි. ඔහුගේ පළමුවෙනි නිර්මාණයවූ ගිටාරයක් ඔහු තනිවම නිර්මාණය කළේ අටවෙනි පංතියේ ඉගෙනුම ලබද්දීය.
මාත‍ලේ ශාන්ත තෝමස් විද්යාවලයේ ඉගෙනුම ලැබූ ශාන්ත පන්තියේ කැපී පෙනුණේ දඩබ්බර චරිතයක් ලෙසය. වෙනත් සිසුන් ගුරුවරුන් කියනා දෙය සාවධානව අසා සිටියත්, ශාන්ත තමන්ට අවබෝධ කරගත නොහැකි දේවල් පිළිබඳ ගුරුවරුන් සමග තර්ක කළේය. මේනිසාම ඔහුට පන්තියෙන් පිටත එළිමහනේ සිටගෙන සිටීමට සිදුවූ අවස්ථා බොහෝවිය. නමුත් එනිසා ඔහු තම පිළිවෙත වෙනස් නොකළේය. තමන්ට නොවැටහෙන දෙයක් අවබෝධවන තුරුම ඔහු ගුරුවරුන් සමග තර්ක කළේය.
සාමාන්යන පෙළ පන්තියේ ශාන්ත ඉගෙනුම ලබන අවධියේ, පාසල් නිවාඩුව පැමිණෙනතුරු ඔහුටත් වඩා නොඉවසිල්ලෙන් සිටියේ ලෙනදොර ගම්වාසීන්ය. ඒ තමන්ගේ කැඩණු ගුවන් විදුලි යන්ත්රෙ ශාන්ත ලවා අලුත්වැඩියාකර ගැනීමටය. ගුවන් විදුලි යන්ත්රග අලුත්වැඩියාව ශාන්තට අමුතුවෙන් ගුරුවරයෙකු කියාදුන්නේ නැත. නිවසේ තිබූ පරණ ගුවන් විදුලි යන්ත්ර යක් ගලවා නැවත සවිකිරීමෙන් ඔහු ගුවන් විදුලි තාක්ෂණය තනිවම ඉගෙනගත්තේය. පන්තියේ ගුරුවරුන් හා තර්ක කරන්නාක් සේ ඔහු ගුවන් විදුලි යන්ත්රයයේ කොටස් සමග තනිවම තර්ක කළේය. එහෙම වෙන්නෙ ඇයි? ඔහු සොයා බැලීය. ප්රනශ්නයට පිළිතුරු සොයද්දී ඔහුට ගුවන් විදුලි යන්ත්ර.යේ දෝෂය හමුවෙයි.
ඒ දවස්වල ලෙනදොර ගමට විදුලිය ලැබි තිබුණේ නැත. එනිසා විදුලි බලයෙන් ක්රිසයාකරන පෑස්සුම් යන්ත්රබයක් ඔහුට තිබුණේ නැත. කුස්සියේ ලිපේ ‍පොල්කටු පුළුස්සා තඹ කම්බියක් රත්කර එය බවුත් එකක් වශයෙන් භාවිතාකර පෑස්සුම් කටයුතු සිදුකර ගත්තේය.
ශාන්තගේ මෙම කාර්මික නිපුණතාවය පිළිබඳ බලා සිටි ගුරුවරියක වූ ඔහුගේ මව සිතුවේ ඔහු අනාගතයේ ඉංජිනේරුවරයකුවේය කියාය. නමුත් සාමාන්යඔ පෙළ දක්වා ඉගෙන ගන්නා තුරු ශාන්තගේ සිතේ, තමන් තෝරාගන්නා ක්ෂේාත්රේය පිළිබඳ නිශ්චිත හැඟීමක් තිබුණේ නැත. පන්තියේ තරමක් දඩබ්බර චරිතයක් වුවත්, පාස‍ලේ ගුරුවරුන් සහ ඔහුගේ යහළුවන් සිතුවේ ඔහු කිසියම් දිනක වෛද්ය වරයකු වේය කියාය. වෛද්යුවරයකුවීමේ සිහිනය ශාන්තගේ සිතතුළ ඇතිකළේ මාත‍ලේ ශාන්ත තෝමස් විදුහ‍ලේ ගුරුවරුන් සහ යහළු සිසුවන් විසිනි. එම සිහිනය තරයේ බදා අල්ලාගත් ශාන්ත, එය සැබෑවක් බවට පත්කරගැනීමට ඇප කැපවී උත්සාහයෙන් ඉගෙනීමේ කටයුතුවල නිරතවිය. එම උත්සාහය මල්ඵල ගන්වමින්, ඔහුගේ සිහිනය සැබෑකරමින් 1976දී ඔහු පේරාදෙණිය විශ්වවිද්යාහලයේ වෛද්යස පීඨයට ඇතුළත්විය.
වෛද්යුවරයෙකු වශයෙන් සමත්වූ ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර මහතා කලක් නාවුක හමුදාවේ ස්වේච්ඡා වෛද්යමවරයෙකු වශයෙන් සේවය කළේය. එහිදී ඔහුගේ පදවිය හැඳින්වූයේ වෛද්ය ලුතිනන් කමාන්ඩර් වශයෙනි. උතුරේ සටන් පැවැති 1983 - 1986 කාලයේ ඔහු යාපනයේ සහ ත්රි්කුණාමලය ප්ර දේශවල නාවුක හමුදා වෛද්ය වරයෙකු වශයෙන් කටයුතු කළේය.
නාවුක හමුදාවේ ඔහු සේවයකරන සමයේ ඔහු එහි රයිෆලයෙන් ඉලක්කයට වෙඩි තැබිමේ කණ්ඩායමේ සාමාජිකයකු විය. මෙනිසාම ඔහුට පුහුණුකළ තීක්ෂණ දෙනෙතක් හිමිවිය. පසුකාලයක ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර මහතා නාරි හා ප්රකසව විශේෂඥ වෛද්ය.වරයකු වශයෙන් ඉතාමත් සියුම් ශල්යදකර්මවල නිරතවෙද්දී එම පුහුණුකළ තික්ෂණ දෙනෙත් අතිශයින් උපකාරවන්නට ඇත.
පසුව පේරාදෙණිය රෝහ‍ලේ විශේෂඥ වෛද්ය පුහුණුව ලැබූ ශාන්ත මහතා, කොළඹ ද සොයිසා කාන්තා රෝහ‍ලේදී නාරි සහ ප්රනසව විශේෂඥ වෛද්යව පශ්චාත් උපාධිය පිළිබඳ පුහුණුව ලැබිය. එක්දහස් නමසිය අනූතුනේ සිට අනූහය දක්වා ඔහු බ්රිාතාන්යළයේ වේල්ස්හි වෙස්ලි මයිනර්ස් රෝහ‍ලේ පුහුණුව ලබා ලංකාවට පැමිණ ප්රවථමයෙන්ම හම්බන්තොට රෝහ‍ලේ සේවයට එකතුවිය. පසුව දියතලාව, මහනුවර, කුරුණෑගල රෝහල්වල සේවයකළ ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර මහතා වර්තමානයේ මහනුවර රෝහ‍ලේ නාරි හා ප්ර සව විශේෂඥ වෛද්ය වරයා වශයෙන් සේවය කරයි.
නාරි රෝග විශේෂඥයකු වශයෙන් කටයුතු කරන අතරතුර ලෙනදොර මහතාට අවබෝධවූ කරුණක් නම් ශල්යයකර්මයක් සිදුකිරීමේදී වෙනත් පටක ඈත්කිරීම සඳහා භාවිතාකිරීමට පිටරටින් ගෙන්වනු ලබන උපකරණ සියයට සියයක්ම සාර්ථක නැතිබවය.
ශල්යබකර්මයක් සිදුකිරීමේදී වෙනත් පටක ඈත්කිරීම සඳහා භාවිත කරන්නේ සුදු යකඩ විශේෂයකින් නිර්මාණය කරනලද රිට් රැක්ටර් නමැති උපකරණයකි. හැඩලයක්ද සහිත එය රේක්කයක් වැනි උපකරණයකි. එහි ක්රි යාකාරිත්වය ජැක් එකක යාන්ත්රිඩක ක්රිේයාකාරිත්වයට සමානය. ඇමෙරිකාව, ජර්මනිය වැනි රටවල නිපදවන මෙම උපකරණයක මිල ඩොලර් හයසීයයත් දාහත් අතර තරමේ වෙයි.
පිටරටින් එන මෙම උපකරණය භාවිතාකර ශල්ය කර්ම කිරීමේදී අපට අවශ්යනතරමටම පටක ඈත්කරගන්න අමාරුයි. ඒ වගේම මෙම උපකරණය භාවිතාකරද්දී ශල්යඈකර්මයෙන් ඇතිවන තුවාලවලට අමතරව මෙම උපකරණය නිසාද යම් යම් හානි සිදුවෙනවා. මේනිසා රෝගියාට ශල්යතකර්මයෙන් පසුව ඇතිවන වේදනා, උණ, තුවාල පැසවීම් නිසා වැඩි දින ගණනක් රෝහ‍ලේ ඉන්න වෙනවා, නාරි හා ප්රදසව විශේෂඥ වෛද්‍ය ලෙනදොර මහතා පවසන්නේ රිට් රැක්ටරය භාවිතාකර ශල්යුකර්ම පටක ඈත්කිරීමේදී තමන් අවබෝධකරගත් අපහසුතා පිළිබඳවය.
මේනිසා ශල්ය කර්මයකදී පටක ඈත්කිරීමේ උපකරණය නිසා සිදුවන හානි අවමකර ගැනීමට හැකිද කියා වසර ගණනාවක් ඔහු කල්පනා කළේය. එහිදී ඔහු අවබෝධකරගත් එක් දෙයක් නම් වායු තෙරපුම මඟින් පටකයන් ඈත්කරගත හැකිනම් ශල්යධකර්මවලදී සිදුවන හානිය අවමකරගත හැකි බවය.
ඒ සඳහා උපකරණයක් නිර්මාණයකර ගැනීම සඳහා ඔහු වසර තුනක් සැලසුම්කළේය. අත්හදාබැලීම සඳහා ඔහු භාවිතා කළේ ශරීරයේ විශාල ඇටකටු කැඩුණුවිට ඒවා පිරිද්දීමට ඇටකටු ඇතුළට දමන ශරීරයට අහිතකර නොවන, මළ නොබැඳෙන සුදු යකඩ බටය. ඒවා බොහෝමයක්ම ශල්යකකර්මවලදී ඉවත දැමූ ඒවා විය. පටක ඈත් කිරීමට බලය ලබාගැනීම සඳහා සාමාන්යම භාවිතයෙන් අහකදමන සිරින්ජර පාවිච්චි කළේය.
ලෙනදොර මහතා පවසන ලෙස මෙහි වාසිය නම් සිරින්ජරවල හිරවී ඇති වාතය හුළං කොට්ට ලෙස කටයුතු කරමින් පටකවලට කාරුණික වෙමින් පටක ඈත්කිරීමය.
සම්පීඩන වාතය මගින් ක්රි යාකරන, ශල්ය්කර්මවලදී අනවශ්යො පටක ඈත්කර තබන උපකරණයෙහි මූලික සැලැස්ම නිර්මාණයෙන් පසුව ලෙනදොර මහතා අන්තර්ජාලයෙහි සැරිසරා මෙවැනි නිර්මාණයක් කිසිවෙකු හෝ සිදුකර ඇත්දැයි පරීක්ෂාකර බැලුවේය. නමුත් ලෝකයේ කිසිම පුද්ගලයකු එවැනි නිර්මාණයක් බිහිකර තිබුණේ නැත.
ඔහු මෙම නිර්මාණය ටිකෙන් ටික සංවර්ධනය කළේය. ඒ අතරතුර රෝගීන්ගේ අවසරය ඇතිව එය භාවිතාකර බැලුවේය. ප්රුතිඵල අතිසාර්ථක ඒවා විය.
විශේෂඥ වෛද්යය ලෙනදොර මහතා නිර්මාණය කළ මෙම උපකරණය දැනට ලෝකයේ ඇති කිසිදු උපකරණයකට වඩා වැඩි ප්රාමාණයක් පටක ඈතට තල්ලුකිරීමට පුළුවන. මේනිසා වෙනත් උපකරණවලට වඩා වැඩි දිග, වැඩි පළල, වැඩි ගැඹුර ප්රබමාණයක් ශල්යසකර්මයකදී භාවිතා කළහැක. වකුගඩු බද්ධකිරීම්, බඩවැ‍ලේ, ගර්භාෂයේ පිළිකා ඉවත්කිරීමේ ශල්‍යකර්මවලදී එම තත්ත්වය ඉතාමත් වැදගත්වෙයි.
පටක ඈත්කිරීම සඳහා ඇතිකරන තෙරපුම, වායු කොට්ටය මගින් ඇතිකරන නිසා, පටකවලට ඇතිවන හානිය අවමවෙයි. 'රිට් රැක්ටර්' උපකරණ භාවිතාකර සිදුකරන ශල්යලකර්මවලදි රේක්කයක් වැනි එම උපකරණවලින් පටක ඈත් කිරීමට එම උපකරණ අල්ලාගෙන සිටීමට අමතර වෛද්යනවරුන් අවශ්යකවෙයි. නමුත් මෙම නව නිර්මාණ උපකරණයෙන් පටක ඈත්කිරීම ස්වයංක්රීයයවම සිදුවන නිසා අඩු වෛද්ය වරුන් පිරිසකගෙන් ශල්යතකර්මය සිදුකරගතහැක.
ශල්යසකර්මය අවසානයේ පටක ඈත්කරන උපකරණයේ, වායු කරාමය විවෘත කළවිට එහි ඇති වායුව නිදහස්කිරීම නිසා උපකරණය හැකිලී පටක යථා තත්ත්වයට පත්වෙයි. ලෙනදොර මහතා පවසන ලෙස රිට් රැක්ටර් උපකරණයක සම්බන්ධක ඇණ ඇති නිසා අත්වැරැද්දකින් හෝ ඒවා ගැලවී වැටීමට හැකිවුවත් ඔහුගේ නිර්මාණයෙහි එවැනි අත්වැරදීම් සිදුවීමට ඉඩකඩ නැතිබවය.
දැනට පේරාදෙණිය, මහනුවර ඇතුළු රෝහල් කීපයකම වකුගඩු බද්ධකිරීම, පිළිකා ශල්ය කර්ම වැනි දුස්කර ශල්ය කර්ම බොහොමයකදී මෙම නව උපකරණය භාවිතාකර සාර්ථක ප්රෙතිඵල ලබා ඇත.
ලෙනදොර මහතා මෙම අලුත් උපකරණය නිර්මාණය කිරීමේදී පේරාදෙණිය විශ්වවිද්යා ලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්රිීක ඉංජිනේරු, ආචාර්ය සෙනවිරත්න මහතා, පරිගණක අංශයේ ප්රයධානී මංජුල සන්දිරිගම මහතාගේ සහය ලැබි ඇති අතර දේවප්රි්ය කුලරත්න කාර්මික මහතා උපකරණ සැකසීමේදී සහයවී ඇත. සමහර කොටස් සකස් කිරීමේදී ජා-ඇල ඒකල ජිනසේන කාර්මික ආයතනයේ අධ්යටක්ෂවරුන් වන තිස්ස ජිනසේන මහතා, රොහාන් ජිනසේන මහතා සහ එහි කාර්මිකයින් බෙහෙවින් සහයවී ඇත.
මෙම අලුත් උපකරණය සඳහා ලෙනදොර මහතා ලංකාවේ පේටන්ට් බලපත්ර්ය ලබාගෙන ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි ලෝක බුද්ධිමය අයිතිය පිළිබඳ ආයතනයෙහි ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම්කිරීමේදී මෙවැනි උපකරණයක් මතෛක් ලෝකයේ නිපදවා නැතිබවට සහතිකයක් ලැබි ඇති අතර යුරෝපා කොමිසමෙහි රටවල මෙම උපකරණය සඳහා පේටන්ට් බලපත්රිය ලෙනදොර මහතා ලබාගෙන ඇත.
තාක්ෂණ හා පර්යේෂණ අමාත්යං්ශයට අනුබද්ධ ශ්රීම ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම 2010 වසරේ හොඳම නව නිපයුම ලෙස නාරි හා ප්රලසව විශේෂඥ වෛද්යක ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර මහතාගේ මෙම නිපැයුමට ජනාධිපති සම්මාන පිරිනමා ඇත.
දරු තිදෙනකුගේ පියකු වන ලෙනදොර මහතාගේ බිරිඳ පේරාදෙණිය විශ්වවිද්යාවලයේ සෞඛ්යම මධ්යුස්ථානයෙහි වෛද්යතවරිය වශයෙන් සේවය කරයි. ඔහුගේ සොහොයුරෙකු මහා මාර්ග අධිකාරියෙහි ඉංජිනේරු අධ්යවක්ෂවරයකු වශයෙන් කටයුතු කරන අතර නැගණිය පේරාදෙණිය රෝහ‍ලේ වෛද්යෛවරියක ලෙස සේවය කරයි.
ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් ලෙස දීපාල් සූරියආරච්චි මහතාගේ අධ්යදක්ෂණය යටතේ කියාත්මක වන ශ්රීප ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් නව නිපැයුම්කරුවන් අගයකරමින් ඔවුන් දිරිමත්කිරීම මෙරට නව නිර්මාණ බිහිවීමට බෙහෙවින් දායකවන බව ලෙනදොර මහතා පවසයි.
මෙම නව උපකරණය ලංකාව හෝ ඉන්දියාව හෝ වැනි රටක නිපදවා ලංකාවට විදේශීය විනිමය මෙන්ම කීර්තියද ලබාගැනීම නාරි හා ප්රනසව විශේෂඥ වෛද්යව ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර මහතාගේ ඊළඟ අපේක්ෂිත පියවර වෙයි.
lakbima

No comments:

Post a Comment