Friday, February 10, 2012

විදෙස් අධ්යාlපනය ලැබු වෛද්යiවරුන්ගේ දරුවෝ අතරමං

2012-02-09
පශ්චාත් උපාධි සදහා විදේශ ගතවන වෛද්‍යවරුන්ගේ දරුවන්ට නිසි පාසල් අධ්‍යාපනය අහිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
විදේශ ගත පුහුණුව යටතේ 1%ක රජයේ සේවකයන්ගේ දරුවන්ට පාසල් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍ර ලේඛන නිකුත් කර තිබුණ ද වැඩි අවස්ථා‍ හිමිවන්නේ තනාපති සේවයේ නියුතු අයගේ දරුවන්නට යැයි එම සංගමයේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙයි.
දැනටමත් විදේශ අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි වෛද්‍ය පවුල් 48 ක දරුවන් 50 ට අධික සංඛ්‍යාවකට පාසල් අධ්‍යාපනය අහිමිව ඇති බව ඔහු සඳහන් කරයි.
පසුගිය වසරේ (2011) දී මේ ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යංශය හා ජනාධිපතිතුමා වෙත වාචිකව හා ලිඛිතව දැනුම් දුන්න ද ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නැති බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තවදුරටත් අද දෙරණට ප්‍රකාශ කළේ ය‍.

elakolla.com

No comments:

Post a Comment