Saturday, February 18, 2012

ජීවන වියදමට පිළියමක් ලෙස වැටුප් ඉහළ දැමිය යුතුයි

February 18, 2012  09:10 am
ජීවන වියදම අධික ලෙස ඉහළ යාමට පිළියමක් වශයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමිය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
වැටුප් ඉහළ දැමීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ජීවන වියදම පහළ දැමීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කරයි.
කබලෙන් ලිපට වැටීමේ තත්ත්වයක් මේ වනවිට ජනතාවට උදාවී ඇති බව අද දෙරණ වෙත අදහස් දක්වමින් එම හිමියන් ප්‍රකාශ කළේය.
බඩු මිල අඩු කිරීමට කටයුතු නොකළහොත් ජනතාව අන්ත අසීරු තත්ත්වයකට පත්ව, ඔවුන්ගේ ගමන කුමන ස්ථානයකින් කෙලවර වේද යන්න තීරණය කළ නොහැකි බව ආනන්ද හිමියන් අවධාරණය කරයි.

sinhala.adaderana.lk

No comments:

Post a Comment