Monday, February 20, 2012

කරාපිටිය රෝහලෙන් මිනියක් ගන්නත් අල්ලස් දෙන්න වෙලා

කරාපිටිය ශික්ෂණ රෝහලේ මිය ගිය අයකුගේ මෘත දේහය නිදහස් කර ගැනීමට ඇතැම් රෝහල් සේවකයන්ට රුපියල් 700 1000 අතර අල්ලසක් දීමට මරණ අයිතිකරුවන්ට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි. එසේ නොගෙවන්නේ නම් අරක්කු බෝතලයක් සිගරට් පැකට් එකක්වත් ලබාදිය යුතු යැයි වැඩිදුරටත් අනාවරණය වේ.

දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන්ගේ භාරකරුවන් මෙලෝ හසරක් නොදත් අය වෙති. ඔවුන් තම රෝගියා මිය ගිය පසු කරන්නේ කුමක්ද කියා නොදනී. මෙම තත්ත්වය හොඳින් අවබෝධ කර ගෙන සිටින ඇතැම් රෝහල් සේවකයන් උදව් කරන මුවාවෙන් රෝගි භාරකරුවන් ගසා කන තත්ත්වයට පත්ව ඇත.

Dinamina-2012/02/10

No comments:

Post a Comment