Saturday, February 18, 2012

ජල ටැංකියට වස දැම්මා යෑයි චෝදනා ලැබූ සෙවනගල වෛද්‍යවරයා භාරවෙයි

උඩවලව - එච්. එස්‌. අබේරත්න

සෙවනගල ග්‍රාමීය රෝහලේ වෛද්‍ය නිල නිවාසයේ ජල ටැංකියට වස දැමීමට කුමන්ත්‍රණය කළේ යෑයි සැකකරන වෛද්‍යවරයා දිවුරුම් ප්‍රකාශයක්‌ ගොනු කරමින් නීතිඥවරුන් මගින් ඊයේ ඇඹිලිපිටිය උසාවියට භාරවිය.

මෙම වෛද්‍යවරයා සති කීපයක්‌ තිස්‌සේ පොලිසිය මග හරිමින් සිට මෙසේ උසාවියට භාරවී ඇති බව සෙවනගල පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් ලසන්ත ජිනදාස මහතා සෙවනගල පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන වෛද්‍යවරයා මෙම මස 23 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත. බන්ධනාගාරය තුළදී සැකකරුගෙන් ප්‍රකාශයක්‌ ගැනීමට මහෙස්‌ත්‍රාත්වරයා සෙවනගල පොලිසියට නියෝග කර ඇත.

මේ පිළිබඳ සෙවනගල පොලිස්‌ ස්‌ථානාධිපති නිලන්ත බණ්‌ඩාර, පො.සැ. 23738 එදිරිසිංහ යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Divaina 2012.02.18

No comments:

Post a Comment