Wednesday, February 8, 2012

රජයේ හෙද නිලධාරීන් අද උද්ඝෝෂණයේ

February 9, 2012  08:00 am


සිය ගැටලු වලට බලධාරීන් විසඳුම් ලබා නොදීමට එරෙහිව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා දිවයිනේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ පවත්වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
හෙද සේවාවේ ගැටලු වලට විසඳුම් ලබා දී තිබිය දී ‍මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වීම අසාධාරණ බව රජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
එහෙත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හෙද සේවාවේ ගැටලු විසඳීමට ඉදිරිපත් වී නොමැති බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ අද දිනයේ පැවැත්වීමට යෝජිත මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය රෝගීන් අපහසුතාවයට පත් කිරීමක් පමණක් බවයි.

adaderana.lk

No comments:

Post a Comment