Saturday, February 18, 2012

පරිපූරික වෛද්‍ය උපාධිධාරීන්ට විශේෂ වැටුප් තලයක් නෑ -වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම

2012 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා, 12:54

සෞඛ්‍ය සේවාවේ නිරත පරිපූරක වෛද්‍ය සේවාවට අයත් උපාධිධාරීන්ට අදාල සුවිශේෂී වැටුප් තලයක් මෙතෙක් නිර්මාණය වී නොමැති බව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පවසයි.

එසේ වුව දහසකට අධික උපාධි හා පශ්චාත් උපාධිධාරීන් සිය සේවය ඒ සඳහා ලබාදෙන බව ද එම කොමිසම පෙන්වා දේ.

ජාතික විශ්විද්‍යාල පද්ධතිය හරහා 450 කට අධික පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාවක් සුදුසුකම් සපුරා ඇති බැවින් ඔවුන් සේවයෙහි පිහිටුවීම ද කඩිනමින් සිදු කළ යුතු ව ඇත. 

උගත්කමට සරිලන වටිනාකමක් නොලබමින් සේවයෙහි නිරත උපාධිධාරී වෘත්තිකයින්ට සාධාරණය ඉටු වන අයුරින් කටයුතු කරන මෙන් ඉල්ලා එම කොමිසම ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.



asianmirror.lk -2012-02-18

No comments:

Post a Comment